ඉංගිරිසි රස කතා



විශ්වවිද්‍යාල වල විද්‍යා හා තාක්ෂණික පැත්තෙ අධ්‍යයන කටයුතු සිද්ධවෙන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියල කවුරුත්ම වගේ දන්නවනේ. අවුරුදු දහතුනක් විතර ඉතින් ඔය ඉංගිරිසිය ඉස්කෝලෙ ඉගෙන ගත්තට වාක්‍යයක් හරියට ලියාගන්න පුලුවන් එවුන් ඉන්නෙ එහෙමත් එකෙක් තමයි අපේ පැතිවල. ඉංගිරිසිය බැරි උනත් අනිත් වැඩකටයුතු වල හොඳකම නිසා කොහොමින් කොහොම හරි කැම්පස් තේරිලා ලෙක්චර්ස් යද්දි තමයි ඕකෙ තියෙන බරපතලකම තේරෙන්න ගන්නෙ. සමහර හිත හොඳ ලෙචාලා සිංහලත් එක්ක කලවම් කරලා දෙසා බෑවට සමහර ඈයො ඉතින් සුද්දන්ට උගන්නනව කියල හිතන් තමයි ලෙක්චර් රූම් එකට ඇතුල් වෙන්නෙත්. ඔය මොනව උනත් ඉතින් අවුරුද්ද අන්තිමට කොහොම්න් කොහොම හරි කුප්පි එහෙම ගිහින්  විෂය කරුණු ගොඩදාගන්න මට්ටමට ඉංගිරිසි අකුරක් බැරි උනත් අපේ එවුන් දස්සයි. ඒත් ඉතින් ඕක එක්සෑම් පේපර් එකේ ලියාගන්නත් දැනගන්න ඕනනේ. 

ඔන්න ඔය විදියට මගේ යාලුවෙකුත් සාමාන්‍යය තේරෙන කඩ්ඩෙන් එක්සෑම් එක ලියල එහෙම එළියට බැස්සා. ටික දවසක් යනකොට මිනිහට ටිකක් අප්සට් වගේ. අපි ඉතින් අහල බලද්දි මිනිහට අවුල් වගේලු ලියපු ඒවා. මේ යාලුවා හොඳ මීටරයක් ඒත් කඩ්ඩ ටිකක් අවුල්. මිනිහ කතා කරනවා ගිහින් ලෙචා හම්බවෙලා පොඩි ශේප්මන්ට් එකක් දාමුලු. මේ ලෙචා ගැන කිව්වොත් මිනිහ ටිකක් කතාබහ කරනව අඩු, විෂය භාහිර කිසිම දෙයක් කතා නොකරන තනි කඩ්ඩෙන්ම වැඩ කරන පොරක්. කොහොමින් කොහොම හරි එක්තරා උදෑසනක හොද ලමයි වගේ විනීත වස්ත්‍රාභරණයෙන් සැරසිලා අපි දෙන්න ගියා මෙතුමව බැහැ දකින්න. අපි යනකොටත් ඩයල් එක පේපර් පෙරල පෙරල ඉන්නවා. රූම් එකේ දොර ගාවට ගිහින් පොඩි තට්ටුවක් දැම්මම ඔළුව උස්සල බලලා අතින්ම සිගනල් එක දුන්නා ඇතුලට එන්න. දැන් මගේ යාලුව හිමිට හිමිට ඇදි ඇදී ගිහින් වචන අමුනන්න පටන් ගත්තා. 

යාළුවා : සර් .. පේපර් බලනව වගේ.
ලෙචා : හ්ම්ම් ..  හ්ම්ම්. .  So what can i do for you ?
යාළුවා : සර් මේ පේපර් එකනම් ලිව්වා.  ... 
ලෙචා : So .... ? 
යාළුවා : ගණන් ටික එහෙමත් හැදුවා ..
ලෙචා : Then what's the problem ?
යාළුවා : සර් ..මේ ..ලියපු ඒවගෙ කඩ්ඩ තමයි .. සොරි English තමයි ටිකක් අවුල් සර්
ලෙචා : Ahh ..  English ..  හ්ම්ම් .. ඒක වැඩිය හිතන්න එපා. English හරි සිම්පල්.  කොටින්ම ඔය එංගලන්තෙ හිඟන්නො කතා කරන්නෙත් English වලින් නේ. 

මට බකස් ගාලා තද කරන් හිටි හිනාව පනින කොටම යාළුව කාමරෙන් පැනල ගියා.  ලෙචා සිංහලෙන් කතාකරනවා ඇහුවෙ එදාමද මන්දා .. 

4 comments:

  1. Replies
    1. උඹේ බ්ලොග් එක subscribe කරන්න බෑනේ

      Delete
  2. එංගලන්තෙ හිඟන්නොත් කතා කරනවය ඉංග්‍රීසි වලිං.මාරයිනේ??

    ReplyDelete
  3. ඇයි බං උඹලා දන්නේ නැද්ද ලකාවෙත් ඉන්නවා ඉංග‍්‍රිසියෙන් කතාකරලා හිගමන් ඉල්ලන හිගන්නු. කඩ්ඩ බැරිවුන් ඉක්මනට කීයක්හරි දිලා දානවා මුන්ගේ කඩුවට කැපෙනවාට.

    ReplyDelete