ස්පෙෂල් 26


වර්ෂ 1987 මාර්තු මාසයේදි ඉන්දියාවෙ The Times Of India පුවත්පතේ දැන්වීමක් පළවෙනවා සුදුසුකම් ලත් උපාධිදාරීන් ඉන්දියානු බුද්ධි අංශයට (CBI) බඳවාගැනීම පිණිස. කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා බොහෝ පිරිසක් මෙම රැකියාවට ඉල්ලුම්පත් යවනු ලබනවා. ඒ අතරින් බොහොමයක් දැනටත් රජයේ විවිධ රැකියාවල නියුතු, ඉහළ වැටුපක් බලාපොරොත්තුවෙන් මෙයට ඉල්ලුම් කරනු ලැබූ පුද්ගලයින්. අයදුම්කරුවන්ට කෙටි කාලයකින් දැනුම්දීමක් ලැබෙනවා සම්මුඛ පරීක්ෂණය සඳහා මාර්තු මාසයේ එක්තරා දිනයක මුම්බායිහි Taj intercontinental හෝටලයට පැමිණෙන ලෙසට සඳහන් කරමින්. එදින අවසානයේ සියගණනක්වූ අයදුම්කරුවන් අතරින් මීලඟ අදියර සඳහා 26 දෙනෙක් පමණක් තෝරාගැනීමට බුද්ධි අංශ නිලධාරීන් කටයුතුකරනු ලැබුවා. අවසානයේ මෙම විසිහය දෙනාට දැනුම් දීමක් ලැබෙනවා පසුදා උදෑසන 11ට නැවතත් එම ස්ථානයටම පැම්ණෙන ලෙස ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දීමට. 

මීලඟ දවසේ සියලුම දෙනා වාර්ථාකිරීමෙන් අනතුරුව ප්‍රධාන බුද්ධි නිළධරයා විසින් නවක නිළධාරීන් 26 දෙනාටම ඔවුන්ගේ හැඳුනුම්පත් ලබා දීමෙන් අනතුරුව වැටළීමකදී ක්‍රියාකරනා ආකාරය ගැන උපදෙස් ලබාදීමක් සිදුකෙරුණා. ඊටත් නොබෝ වේලාවකින් පසු සියලුම නවක නිළධාරීන් සමග ඔහු බසයක නැග මුම්බායේ ප්‍රධානම ස්වර්ණාභරණ වෙළදසැල් පිහිටා ඇති ඔපෙරා හවුස් වෙත ගමන් කරනවා. මේ වනවිට අලුතින් බඳවාගත් පිරිස ඉතාමත් උද්යෝගයෙන් හා උනන්දුවෙන් මෙම වැටලීමට සහභාගිවීමට සූදානමකින් සිටියා. ඔපෙරා හවුස්හි පිහිටා තිබූ ප්‍රධානතම ස්වර්ණාභරණ වෙළදසැලවූ 
Tribhovandas Bhimji Zhaveri (TBZ) වෙළදසැලේ පවතින නීතිවිරෝධී කටයුතු පරීක්ෂාකිරීම සඳහා මෙම පිරිස ඉන් අනතුරුව වෙළඳසැලට ඇතුලුවෙනවා. ප්‍රධාන බුද්ධි නිලධරායෙග් අණින් වෙළදසලේ දොරටු වසා සියලුම සේවකයන් පසෙකට රැගෙන වෙළදසැලේ ගිණුම් හා ගණුදෙනු අඩංගු ලිපි ද්‍රව්‍යය පරීක්ෂාවට ලක් කෙරුණා. නවක නිළධාරීන් විසින් බුද්ධි නිලධරයාගේ අණින්  ස්වර්ණාභරණ සාම්පල් වශයෙන් ප්‍රදර්ශණ පුවරු වලින් ගලවා ගබඩා සටහන් සමග සසඳා ඒවා ඉන්දියානු රජයේ මුද්‍රාව ගැසූ බෑග් වලට අසුරනු ලැබුවා. ඒ ඒවායේ තත්වය පරීක්ෂාකරණු පිනිසයි. වෙළදසල් සේවකයන්ද ඒ සඳහා රජයේ නිළධාරීන්ට උපරිම සහයෝගය දැක්වීමට පසුබට උනේ නෑ. සියලුම ස්වර්ණාභරණ ඇසිරීමෙන් පසු ඒවා බස් රථයට ගෙන යනු ලැබුවා. ඉන් අනතුරුව නවක නිළධාරීන් තව දුරටත් එහිම රැදී සිටින අතරතුර බුද්ධි අංශ නිළධාරියා වෙනත් වෙළදසලක් පරීක්ෂාකිරීම සඳහා යැයි පවසමින් එයින් පිටව යනවා.
මෙයින් සුළු මොහොතකට පසු මුම්බායි ප්‍රධාන පොලිස් පරීක්ෂක අරවින්ද් ඉනාම්දාර් වෙත ඔපෙරා හවුස්හි CBI වැටලීමක් හා යම් නොසන්සුන්තාවයක් ගැන 
ඇමතුමක් ලැබෙනවා. ඔහු තම පොලිස් භටයන් සමග සුළුවෙලාවකින් ස්වර්ණාභරණ වෙළඳසැලට එනවිටත් CBI නිළධාරීන් එහි සිටිනවා. නමුත් ප්‍රධාන නිළධාරීයා ඒ වනවිට අතුරුදහන්වී සිටියා. ඔවුන් පැමිණි බස් රථයද පෙනෙන්නට තිබුනේ නෑ. අලුතෙන් බඳවාගත් පිරිස මේ කිසවක් සිතාගත නොහැකිව අන්ද මන්දවී සිටින ආකරාය පොලිසිය දකිනවා.
වැඩිදුර පරීක්ෂා කිරීමේදී මොහාන් සිංග් යැයි හැඳිනූ, බුද්ධි අංශයේ යැයි කියූ එම නිළධාරියා හෝටලයට නැවත ගොස් ඉන් අනතුරුව කුළී රථයකින් පළාගොස් තිබෙනවා. ඔහු ගැන කිසිදු තොරතුරක් ඉන් අනතුරුව සොයාගැනීමට මේ වනතුරුත් ඉන්දියානු පොළිසියට නොහැකිවී තිබෙනවා.

ඉන්දීය අපරාධ ඉතිහාසයේ ඉතා උපායශීලී, බුද්ධිමත්ව මෙහෙයවූ මංකොල්ලයක් ලෙස මෙය තවමත් සැලකෙනවා. 

3 comments:

  1. /* වර්ෂ 1987 මාර්තු මාසයේදි ඉන්දියාවෙ The Times Of India පුවත්පතේ දැන්වීමක් පළවෙනවා සුදුසුකම් ලත් උපාධිදාරීන් ඉන්දියානු බුද්ධි අංශයට (CBI) බඳවාගැනීම පිණිස. */

    ඒ දැන්වීම නොදුටු බුද්ධි අංශ!!!
    ලොල්!

    ReplyDelete