රුසියාව වොඩ්කා සියල්ල බිව් දවස


1945 මැයි 7 නාසි ජර්මනිය කොන්දේසි විරහිතව සෝවියට් රතු හමුදාවට යටත් වීමෙන් දෙවැනි ලෝක යුද්ධයේ යුරෝපා සටන් අවසන් වුනා. මෙම පුවත ලොවපුරා විහිදී යෑමට පටන් ගත් විට දහස් ගණනින් ජනයා වීදිවලට බැස සතුට සමරන්නට එකතුවුනා. රුසියාවට මෙම පුවත විකාශය කලේ මැයි 9 උදෑසන 1.10 ට රේඩියෝ මොස්කව්හි ප්‍රධාන නිවේදක Yuri Levitan ගේ හඬින්. 



එම නිවේදනයත් සමගම සියලුම රුසියානුවන් නිදන ඇදුම් වලින්ම වීදි බැස ඔල්වරසන් නගමින් මෙම මහා ජයග්‍රහණය සමරන්න පටන් ගත්තා. අහසට වෙඩි තබමින්, උමතු වූ ආකාරයෙන් වොඩ්කා පානය කරමින් වීදි පුරා දුව පනිමින් දිනය පුරාම පැවති ඔවුන්ගේ ජය සැමරුම් මදකට නතරවුනේ 9 වැනිදා රාත්‍රියේ එවක සෝවියට් දේශයේ නායකයා වූ ජෝෂප් ස්ටාලින් විසින් ජාතිය අමතන අවස්ථාවේදියි. 


තම නායකයාගේ කතාවෙන් අනතුරුව ජය සැමරීමට පටන්ගත් රුසියානුවන්ට දෙවන ලෝක යුද්ධය තරම්ම තවත් ලොකු ප්‍රශ්ණයක් පැන නැගුනා. 10 වැනිදා උදෑසන වනවිට මුලු රුසියාවෙම වොඩ්කා සොයාගන්නට තිබුනෙ නෑ. රටේ මුලු වොඩ්කා ප්‍රමාණයම ඔවුන් 9 වැනිදා බී හමාර කර තිබුනා. මේ නිසා අදටත් මැයි 10 වැනිදා රුසියාවේ වොඩ්කා අවසන් වූ දිනය ලෙස සැලකෙනවා.

7 comments:

  1. අපට කොයින්ද ඒ වගේ චැන්ස් නේහ්

    ReplyDelete
  2. e davas vala hostal eke bila ivara vunahama taksi park ekata vodka hoyan giya hati mathak vuna

    ReplyDelete
    Replies
    1. මොරටුමුල්ලට අපි දුවන්නෙ

      Delete
  3. වොඩ්කැ නැතත් අපිට කසියා තියෙනවා බං

    ReplyDelete