ජීවිතයම වෙනස් කල පොත


මිනිසා සත්ව ලෝකයේ විශේෂිතම ජීවියෙක් බවට පරිවර්ථනය වීමට මූලිකම සාධකයක් ලෙස සැලකිය හැක්කේ දැනුම සහ දැනුම බෙදා ගැනීමෙන් දැනුම වර්ධනය කරගැනීම සලකනවා. අපේ හිත මිත්‍ර බ්ලොග් රචක සුජීව කොකාවල වරක් ෆේස්බුක් ගෲපයක සඳහන් කලා වර්ථමානයේ ඉපැදෙන බිළිදෙක් කිසිදු අධ්‍යායාපනයක් ලබානොදී කැළයක සිරකර තැබුවහොත් දැනට වසර ලක්ෂයකට පෙර ඉපැදුණු බිළිදාත් මෙම බිළිදාත් අතර දැනුම මට්ටමින් කිසිදු වෙනසක් නොමැති බව. මෙයින් පැහැදිලි වෙන්නෙ මානව සංහතිය ඉතිහාසය පුරාවටම දැනුම බෙදාගැනීම කියන සංකල්පය නිසා නොනැවතී ඉදිරියට ගමන් කල බව.  ලේඛන මාධ්‍යය ඇරඹිම දැනුම බෙදාගැනීම යෝධ පිම්මක් පැනීමට හේතු වුනා, වෙනත් අයකු ලඟ නොරැදී තනිවම යමක් ඉගැනීමට හැදෑරීමට මේ නිසා මිනිසාට හැකියාවක් ලැබුනා. මේ නිසා කුඩා අවධියේ සිටම රසවින්දනය සමග අධ්‍යාපනික දැනුම ලබාගන්න අපි හැමෝම කියවීමට පොළඹවන්න දෙමාපියන් කටයුතු කරනවා. 

මම අකුරු කියවන්න පටන් ගත්ත දවසෙ ඉඳලම කියැවීම දැක්කෙ කුතුහලය විවර කරන දොරක් හැටියට, පොතක් ගත්තත් පත්තරයක් ගත්තත් ඒවායේ සටහන් වන දේවල් දැනගැනීමට නොනිමි ආශාවක් හැමදාම තිබුනා. අවුරුදු පහේ කාලෙදිත් අහු වෙන ඕනෑම දෙයක් තේරුමක් නැතත් කියවන්න පුරුදු උනා. මෙන්න මෙ අතරෙ අවුරුදු අටක් විතර ඇති කාලෙක තංගල්ල මහජන පුස්තකාලයෙ තිබුන රුසියානු පොත් ප්‍රදර්ශණයකයක් බලන්න ගෙදර අයත් එක්ක යන්න ලැබුනා. මුලු ප්‍රදර්ශණයෙම තිබුනෙ රුසියානු විප්ලවය සම්බන්ධ සෝවියට් මහා කතුවරු රචනා කරපු පොත්. ඒ අතරෙ තිබුන මෙන්න මේ පොත දැකපු ගමන්ම ගිහින් පෙරලල බලන්න මට පුදුම ආශාවක් ඇතිවුනා. 


මේ කවරයට සමාන Hard cover එකක් තිබුන දිගින් පළලින් වැඩි සිංහල පරිවර්තනයක්. පාට පාට රූප ගොඩක් තිබුනා. ඒ වයසෙ හැටියට නමත් හරියට සුරංගනා කතාවක් වගේ "මිනිසා යෝධයකු වූයේ කෙසේද " පොත ටිකක් පෙරලල බලල අම්මලට බල කරලම කිව්ව මේ පොත ගන්නම ඕන කියලා මම පොත බදාගෙනම හිටියා. එයාල කීප සැරයක්ම කිව්ව මේ පොත ඔයාට දැන්ම තේරෙන්නෙ නෑ තව ටිකක් ලොකු උනාම ගනිමු කියලා. ඒත් මම සද්දෙ දාලා කොහොම හරි පොත ගත්තා. කොහොමහරි ගෙදර ගිහින් එදාම පොත කියවන්න පටන් ගත්තා. ඒක ඇත්තටම ඒ වයසෙ හැටියට කිසිසේත් ඔරොත්තු නොදෙන පොතක්. ඒත් ටිකෙන් ටික කියවද්දි ලොකු ආශාවක් ඇති වුනා. මිනිස්සු ගොත්‍රික යුගයෙ ඉදලා රජවරු බිහිව්ම සිට මේ දක්වා මිනිස් සමාජයේ විකාශනය හොදින් පැහැදිලි කරලා තිබුනා. පොඩි පොඩි පොත් කියව කියව හිටපු මට මේක ලොකු වෙනසක්, ලෝකය ගැන ගැන දැනගැනීමේ මගේ නොනවතින ආශාවෙ මුල්ම පියවර තියන්න දායක වුනේ මේ පොත. ඒකෙ දිගුවක් හැටියට තමයි සාමාන්‍යය දැනීම, විදෙස් පුවත්, ඉතිහාසය වගේ දේවල් හාරවුස්සන කවදාවත් ඉවර නොවන පුරුද්ද මට ඇතුවුනේ. කෙටියෙන්ම කිව්වොත් මගේ ජීවිතයම වෙනස් කරපු පොතක්. එදා ඒක අහම්බෙන් හෝ නොගෙන සිටියනම් අද මගේ තියෙන සමහර ගතිලක්ෂණ වෙනස් වෙන්න තිබුනා. මම හිතනව ඔයාලටත් මෙහෙම පොතක් ඇති මතකයේ රැඳෙන

6 comments:

  1. මෙන්න මේ පොත් දෙකත් කියවා බලන්න. Jared Diamond ගේ Guns, Germs and Steel සහ Yuval Noah Harari ගේ Sapiens. මෙයින් පළමු වැන්න තමයි, මට වැඩිම දැනුමක් ලබාදුන් පොත.

    ReplyDelete
    Replies
    1. මම පලවෙනි පොත ගැන අහල තියෙනවා. ඒකෙ documantry එකක් බලනවා මෙ දවස් වල. ස්තුතියි

      Delete
  2. හොඳ පොතකට හැකියි ලොකු වෙනසක් කරන්න

    ReplyDelete
  3. https://en.wikipedia.org/wiki/A_Short_History_of_Nearly_Everything

    ReplyDelete
  4. මම කියවපු හොදම පොත් තමයි ඩෙස්මන් මොරිස්ගේ මනුසත් උයන සහ නිරුවත් ගැහැනිය කියන පොත් දෙක

    ReplyDelete