උණ්ඩයක පළි ගැනීම


ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විසූ හෙන්රි සීග්ලන්ඩ් තම පෙම්වතිය සමග තිබූ පෙම් සබඳතාවය අසාධරණ ලෙස නවතා දමන්නට කටයුතු කරනවා. මේ හේතුවෙන් අධික ලෙස කම්පාවට හා ශෝකයට පත්වන පෙම්වතිය අවසානයේ දිවි නසා ගන්නවා. තම නැගණියගේ මරණයෙන් බලවත් කෝපයට පත්වන ඇයගේ සොහොයුරා සීග්ලන්ඩ් මරාදැමීමට ශපථ කර සිටිනවා. එක් දිනක් සීග්ලන්ඩ්ගේ නිවස කරා එන ඔහු සීග්ලන්ඩ්ගේ හිසට වෙඩි තබනවා. උන්ඩ පහරින් සීග්ලන්ඩ් ඇද වැටුණු පසු වෙඩික්කරු හිසට වෙඩිතබා ගනිමින් සිය ජීවිතය අවසන් කරගන්නවා. නමුත් වාසනාවන්ත වූ ස්ග්ලන්ඩ් නැවත නැගී සිටින්නේ මුහුණේ ගෑවී ගමන් ගත් උණ්ඩය පිටුපස තිබු විශාල ගසකට කිඳා බැසීම නිසාවෙනි. ඉන්පසු සෑම විටම ඉතා වාසනාවන්තයෙකු ලෙස තමාම හඳුන්වාගන්නට ඔහු පෙළඹෙනවා.
වසර ගණනාවක ඇවෑමෙන් සිය ගෙවත්තේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසාවෙන් පෙරකී ගස කපා දැමීමට ඔහු තීරණය කරනවා. විශාල ගසක් වූ නිසම කපා දැමීම දුෂ්කර කාර්යක් ලෙස සිතූ ඔහු ගස වටා ඩයිනමයිට් බැඳ එය පුපුරවා හරින්නට කල්පනා කරනවා. මනාලෙස පුපුරණද්‍රව්‍යය යොදා පිපුරුම ඈත සිට නරඹමින් සිටින අතර තුර හිස හරහා එක්වරම වෙඩි උණ්ඩයක් ගමන් කිරීමෙන් ක්ෂණිකවම සීග්ලන්ඩ් මරණයට පත්වනවා.

ඔහු මියගියේ මෙතෙක් කල් ගස තුලට කිඳා බැස තිබූ, ඔහු ඝාතනය කරන බවට ශපථ කල පෙම්වතියගේ සොයුරාගේ වෙඩි උණ්ඩයෙනි.
සැබෑව හා කල්පිතය අතර දෝලනය වන කතාවකින්.

2 comments:

  1. සිරියස්ලි - මේ කතාව ඇත්තක්ද නිකන් කෙටිම කෙටි කතාවක්ද

    ReplyDelete
    Replies
    1. මේක කටකතාවක් වගේ එකක්. ඇත්ත කියලා ඔප්පු වෙලා නෑ. නමුත් බොරුයි කියන්නත් බෑ

      Delete