සැබෑ ආදරයේ සැබෑ කතාවක් ....

වැලන්ටයින් දවස වෙනුවෙනි ... 


Matthias Steiner කියන්නෙ ඔස්ට්‍රියාවේ සිටි බර ඉසිලීමේ ක්‍රීඩකයෙක්. එක දවසක් මේ ක්‍රීඩකයා තරඟ කරන ලද ක්‍රීඩා ඉසව්වක් රූපවාහිනියෙන් දකිනවා ජර්මනියේ ජීවත් වූ තරුණියක් වන Susann. ඉතාම ක්ෂණයකින් ඇයගේ හිත මේ වැඩි ප්‍රසිද්ධියක් නොතිබූ තරුණ ක්‍රීඩකයා වෙත ඇදී යනවා. කිසියම් හෝ ක්‍රමයකින් ඔහුව සම්බන්ධ කර ගැනීමේ අරමුණින් රූපවාහිනී ආයතන සහ නිවේදකයන් වෙත ඇය දිගින් දිගටම ඇමතුම් ලබා දෙමින් වද දෙන්නට වුනා. කෙසේ හෝ Susann ගේ නොනවතින ඉල්ලීම් වලින් මිදෙන්නට නොහැකිවූ ඔවුන් අවසානයේ Matthias ගේ දුරකතන අංකය ඇයවෙත ලබා දෙන්නට එකඟ වෙනවා. 

ඉතාමත් උද්දාමයෙන් යුතුව තරුණ ක්‍රීඩකයා හා කතාවට මුලපුරන ඇය කෙසේ හෝ ඔහු කැමති කරවාගන්නවා හමුවීමකට. මේ වන විට Matthias ද ඇයගේ කතාබහ සහ අදහස් වලින් ඇය කෙරේ පහන් හැඟීමකින් පසුවුනා. ඔහුව හමුවීමට ඔස්ට්‍රියාවට පැමිණිමට Susann පොරොන්දු වුනා. ඔවුන් හමුවූ මුල් දිනයේ දුටු මතින්ම දෙදෙනා පෙමින් බැඳෙන්නට මුල පිරුවා. පළමු හමුවීමෙන් අනතුරුව ඉතාම කෙටිකාලයකින් දෙදෙනා විවාහ වීමටද අදිටන් කරගත්තා. 
විවාහයෙන් අනතුරුව සිය ඔස්ට්‍රියානු පුරවැසිභාවයට සමුදුන් ඔහු බිරිඳ සමග ජීවත් වීම සඳහා ජර්මානු පුරවැසිභාවය ලබාගන්නටද කටයුතු කරනවා. ඇය සමග දැඩිව ආදරෙන් බැඳෙන ඔහු ඇය වෙත විශේෂ පොරොන්දුවක් ලබාදෙනාවා, එනම් ඇය වෙනුවෙන් යම්දවසක ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගන්නා බව. මේ වෙනුවෙන් ඔහු දැඩිව පුහුණුවීම් කටයුතුවල යෙදෙන්නට පටන් ගත්තා. නමුත් මේ සියල්ල වෙනස් වීමට ගතවුනේ ඉතාම සුළු කාලයක් පමණයි. 2007 වසරෙදී හදිසි කාර් රථ අනතුරකින් Susann මෙලොවින් සමුගන්නේ Matthias ගේ මුලු ජීවිතයම හඬවමින්. විවාහ වී කෙටිකලකින් සිදුවූ බිරිඳගේ වියෝවෙන් දැඩි කම්පාවට හා මානසිකව දරාගැනීමට අපහසු ඉතා අසීරු අවස්ථාවකට පත්වූ ඔහුගේ බර ඉතා ඉක්මණින් කිලෝ අටකින් අඩුව තිබුනා. තවදුරටත් පසුතැවීමට ඔහුට කාලයක් නොමැතිවුනා. බිරිඳට ලබා දුන් පොරොන්දුව ඔහුගේ මනසේ තවදුරටත් රැදී තිබුනු අතර බිරිඳ වෙනුවෙන් දැක්විය හැකි හොඳම උපහාරය එය බව ඔහු ඉටා ගත්තා.

නැවතත් ඔහු උනන්දුවෙන් පුහුණුවීම් ආරම්භ කලේ 2008 බීජිං ඔලිම්පික් තරඟාවලිය ඉලක්ක කරගනිමින්. තරඟාවලිය අතර තුර ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ අභියෝගයට ඔහු ලක්වුනා. එවක 105kg බර පංතියේ ලෝක ශූරයා වූ Viktors Ščerbatihs ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුනා. අසාර්ථක උත්සාහයකින් අනතුරුව තුන්වන ක්‍රීඩකයා තරඟයෙන් ඉවත්වන විට Matthias ටද ඉතුරුව තිබුනේ එක් අවස්ථාවක් පමණයි. රන් පදක්කම ජය ගැනීමට නම් ඔහුට කිලෝ ග්‍රෑම් 258ක් ඉසිලීමට නියමිතව තිබුනා. නමුත් මේ වනවිට ඔහු දක්වා තිබු උපරිම දක්ෂතාවය තිබුනේ කිලෝ ග්‍රෑම් 246ක් පමණයි. Susann ගේ ආදරය වෙනුවෙන් ඔහු ලබාදුන් පොරොන්දුව දැඩිව සිතටගත් ඔහු අවසාන අවස්ථාවේ ඇය වෙනුවෙන් එම දස්කම දැක්වීමට සමත් වුනා. Matthias Steiner අවසානයේ තම බිරිඳ වෙනුවෙන් ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත්වුනා. 



ත්‍යාග ප්‍රධානය අවස්ථාවේ ඔහු පීඨිකාවට නැගුනේ ජීවත්ව සිටියානම් තමන් සමග ඔලිම්පික් උළෙලට සහභාගිවන Susann ගේ ඡායාරූපයක්ද සමගිනුයි. කඳුලු පිරි දෙනෙතින් තම පදක්කම පැළඳගත් ඔහු ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ තම බිරිඳට වූ පොරොන්දුව ඉටු කර පෙන්වූවා.





අපට ජීවිතයේදී සැබෑ ආදරය හමුවන්නේ එක් වතාවක් නොවන බව පසක් කරමින් Matthias Steiner ඉන් වසර කිහිපයකට පසු විවාහ වුනේ ජ්ර්මානු රූපවාහිනී නිවේදිකාවක් සමගිනි.

2 comments:

  1. ඔබගේ කතන්දරයට මා නැවතීමේ තිත් තැබුවේ මගේම කඳුළු බිඳුවකින්! සුන්දරයි!

    ReplyDelete