Banksy ගේ සිතුවම් වෙන්දේසිය

Banksy යනුවෙන් හැඳින්වෙන්නේ තවමත් අනන්‍යතාවය නොදන්නා වීදි සිතුවම්කරුවෙක්. වීදි සිතුවම් බොහෝවිට එක ප්‍රදේශයකට සීමාවූ හිතුවක්කාර තරුණයන්ගේ ක්‍රියාකාරකම් ලෙස සාමාන්‍යෙයෙන් හැඳින්වුනත් එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරින් ඇරඹි Banksy ලොවපුරා ප්‍රසිද්ධියට පත්වන්නේ ඔහුගේ සිතුවම් වල තිබුනු ආවේණික වූ නිර්මාණශීලීත්වයත් ඒවායේ පැවති විප්ලවකාරී තේමාවන් හේතුවෙනි. මෙම සිතුවම් බොහොමයක් සමාජ ජාල මාධ්‍ය හරහා සංසරණය වෙනවා ඔබ දැක ඇති. 










වීදි සිතුවම් ඔස්සේ කලාවට අවතීර්ණවුවත් පසුකාලීනව ඔහුගේ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශණ පවා සංවිධානය වුනා. මේ ආකාරයෙන් ලොවපුරා ජනප්‍රියවූ මෙම නිර්මාණකරුවා පිළිබඳ නැවත කතාබහක් මතුවුනේ පසුගිය දිනක ඔහුගේ සිතුවම් වෙන්දේසියක් අතර සිදුවූ පුදුමසහගත සිදුවීමක් හේතුවෙනි. ඔහුගේ ප්‍රකට සිතුවමක් වු Girl With Balloon සිතුවම පසුගියදා ලන්ඩන් හිදී වෙන්දේසියකට ඉදිරිපත්ව තිබුනා. 



ඉතාම ඉහල ඉල්ලුමක් සහිතව ගැණුම්කරුවන් රාශියක් අතර තරඟයකින් අනතුරුව පවුම් මිලියනයකට තක්සේරුකරමින් වෙන්දේසිය අවසන්වූ වහාම කවුරුත් මවිතයට පත්කරමින් මෙම සිතුවම ස්වයං විනාශයට ලක්වන්නට වුනා. පවුම් මිලියනයකටත් වඩා වටිනා මෙම සිතුවම විනාශවීමේ දර්ශණයෙන් රැස්ව සිටි සියලුම පිරිස කම්පනයට පත්වන ආකාරය කැමරාම් තුල සටහන්ව තිබුනා. 


පසුව අනාවරණවුනේ Bansky ඉතා රහසිගත ආකාරයට සිතුවම අඩංගු රාමුව තුල Shredder යක් අටවා තිබුනු බවයි. කිසියම් දිනක ඔහුගේ නිර්මාණය වෙන්දේසි කිරීමට කටයුතු කලහොත් එය විනාශ කිරීම ඔහුගේ අදිටන් කල සිටි බවටත් එය සිදු කර ආකාරයත් ඔහු වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් දැනුම් දුන්නේ එයට පසුවයි. නමුත් ඒ සමගම එම විනාශවූ සිතුවමට Love is in the Bin යනුවෙන් නම්කරනවා.
නමුත් Bansky ගේ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටු නොවන සේයාවක් දැන් වාර්ථාවෙමින් පවතිනවා. එනම් සිතුවම මිලදී ගත් තැනැත්තා එය විනාශවූ ආකාරයෙන්ම ලබා ගැනීමට කැමැත්ත පල කර තිබෙනවා. මෙම සුවිශේෂී සිදුවීම නිසාම හානිවූ සිතුවමට පෙර නොතිබුනු වටිනාකමක් එක්ව ඇතිබවට දැන් කලා කෘති අලෙවිකරන්නන් මත පලකරනවා.
මේ සියලුම සිදුවීම් අතරේ තමන්ගේ රහසිගත අනන්‍යතාවය තවදුරටත් ඔහු පවත්වාගෙන යනවා.

සිතුවම විනාශ කල ඇටවුම යොදාගත් ආකාරය සහ එම අවස්ථාව

No comments