පැබ්ලෝ එස්කොබාර්ගේ විශ්හමිත ජීවිතයෙන්



ඉතාම දුප්පත් පවුලක උපත ලද පැබ්ලෝ එස්කොබාර් යෞවනයෙකුව සිටි අවධියේදී පැරණි සොහොන් කොත් පුවරු ගලවා ඒවායෙ නම් සූරා ඉවත් කර නැවත විකිණීමෙන් මුදල් සෙවීමට පුරුදුව සිටියේය. මේ කොකේන් නිශ්පාදනය පිළිබඳ ඔහු දැනගැනීමට පෙර අවධියේය.
පැබ්ලෝ එස්කොබාර්ගේ ජාවාරම් කල්ලිය Medellin නම් ඔවුන්ගේ ප්‍රදේශයේ නමින් හැදින්වූ අතර කොකේන් ජාවාරමේ ඉහලම සමයේදී ඇමරිකාව තුල කෝපි වලට තිබුනු ඉල්ලුමට වඩා වැඩි කොකේන් ප්‍රමාණයක් ඇමරිකානු භූමියට එවීමට තරම් ඔවුන් සමත්ව තිබුනා. එය දවසට කොකේන්ට් ටොන් 15ක් තරම් වුනා. මේ කාලය වනවිට ඇමරිකාව තුලට කොකේන් රැගෙන ඒමට ගුවන් යානා 142ක් , හෙලිකොප්ටර් 20ක් , යාත්‍රා 32ක් ඔවුන් සතුව පැවතුනා. ඇමරිකානු භූමිය තුල ඔවුන්ගේ කාර්යාල නිවස්න 141 ක් පමණ තිබුනු බව සැලකෙනවා. ඇමරිකානු කොකේන් වෙළඳපොල තුල 80%ක ප්‍රමාණයක් එස්කොබාර් සතුව පැවතුනා.
ඇමරිකාව තුලට එක් වරකදී කොකේන් තොගයක් රැගෙන යාම උදෙසා ගුවන් නියමුවෙකුට ඩොලර් ලක්ෂ 5 ක් පමණ විශාල මුදලක් ගෙවීමට එස්කොබාර් පසුබට නොවුනි. මීට අමතරව ගුවන් තොටුපල නිලදාරීන්, පොලිස් නිලදාරීන් වැනි විශාල පිරිසකට ඔහු සන්තෝෂම් ලබා දුන්නා. සන්තෝෂම් ලබා ගැනීමට අකමැතිවූ නිළධාරීන් මරා දැමීමට ක්‍රියා කරනු ලැබුවා. පැබ්ලෝ එස්කොබාර් නිසා මේ ආකාරය මිනිස් ජීවිත 4000 ක් පමණ අවසන් වූ බවට අනුමාන කෙරෙනවා.
එස්කොබාර් මසකට රබර් බෑන්ඩ් මිලදී ගැනීමට ඩොලර් 2500ක් පමණ වැය කර තිබුනා. මේ රබර් බෑන්ඩ් අවශ්‍යවුනේ කොකේන් ජාවාරමෙන් උපයන මුදල් බන්ඩල් කිරීමටයි. 1980 දශකයේදී ඔවුන්ගේ ආදායාම සතියට ඩොලර් මිලියන 420ක් නැතිනම් වසරකට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 22ක් තරම් විශාල අගයක් වුනා. මෙම විශාල මුදල් සම්භාරයෙන් සැලකියයුතු ප්‍රමාණයක් තම ප්‍රදේශයේ දියුණුවට සහ ප්‍රදේශවාසීන් ගේ පහසුකම් නැංවීමකොහු වැය කරනු ලැබුවා, ඔහුගේ ප්‍රදේශය වූ Medelin හි පාපන්දු කණ්ඩායමට විශාල ලෙස මුදල් වැය කරමින් එහි අයිතියද ලබාගැනීමට කටයුතුකලා. තවත් විශාල මුදල් ප්‍රමාණයක් ඔහුගේ නිවාස තුල සහ පොළවේ විශාල වලවල් තුල තැන්පත් කර සඟවා දැමුනා.
ෆෝබ්ස් සඟරාවේ ලොව ධනවත්ම පුද්ගලයන් සිය දෙනා අතර 1987 සිට 1993 දක්වා එක දිගට වසර හතක් රැදී සිටීමට පැබ්ලෝ එස්කොබාර් සමත්වුවා. 1987 වනවිට ඔහුගේ වත්කම් ඩොලර් බිලියන දෙකක් පමණවුනා.
Medelin කල්ලියේ දැවැන්ත මුදල් ආදායම ආරක්ෂාකාරී ලෙස ගබඩා කිරීමට තරම් පහසුකම් නොමැතිවීම නිසා සෑම වසරකම ඩොලර් බිලියන දෙකක පමණ මුදල් මීයන් කෑම සහ ජලයට හසුවීම නිසා විනාශ වුනා. මෙය එස්කොබාර්ට වදවීමට තරම් ගැටළුවක් නොවූ බව සඳහන් වෙනවා
මුදල් ගලා ඒම අසීමාන්තික වූ නිසා එස්කොබාර්ගේ විනෝදාංශයන්ද වෙනස් වන්නට පටන් ගත්තා. අක්කර 5000ක පමණ දැවැන්ත වතුයායක සත්වෝද්‍යානයක්, පුද්ගලික ගුවන් තොටුපොලක්, මෝටර් රථ තරඟ ධාවන පථයක් සහ ගව පොර ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට ඔහු කටයුතු කරනු ලැබුවා.
මෙම සත්වෝද්‍යානය හිපපොටේමස්, අලියන්, ජිරාෆ්, පැස්බරාවුන් වැනි විශාල සතුන් රාශියකින් සමන්විත විය. එස්කොබාර්ගේ මරණයෙන් පසු අභාවයට ගිය මෙම උද්‍යානයෙන් පැනගිය හිපෝ සත්වයන් hacienda කලාපයේ ගංගා ආශ්‍රිතව දිවිගෙවමින් වර්ගයා බෝකිරීම නිසා මේ වනවිට අප්‍රිකාවෙන් පිටත ස්වාභාවික වනය තුල දිවිගෙවන විශාලතම හිපපොටේමස් සත්ව ප්‍රජාව කොලොම්බියාවේ ඇතිවී තිබෙනවා.
කොලොම්බියාව පුරා ඔහු සතු නිවෙස් තුල වරින් වර සැඟව දිවි ගෙවූ සමයේදී එක් වරක් දියණිය අසනීපව සිටි අවස්ථාවක නිවස උණුසුම් කිරීමට දැව සොයාගත නොහැකිව ඩොලර් මිලියන 2ක පමණ නෝට්ටු පුළුස්සා දියණියගේ සීතල නිවා දැමීමට ඔහු කටයුතු කල බව එස්කොබාර්ගෙ පුත්‍රයා විසින් පසු කලෙක හෙලිකර සිටියා. එස්කොබාර් සතු මුදල් මෙවැනි නිවස්න තුල සහ කොලොම්බියාවේ විවිධ ස්ථාන තුල සඟවා තැබීමට කටයුතු කර තිබුනා.
ඇමරිකානු රජයෙන් සහ කොලොම්බියානු රජයෙන් එල්ලවන පීඩන හමුවේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන යනු ඇත යන බියෙන් ගිවිසුමකට යටත්ව රජයට බාර වීමට 1991 දි තීරණය කෙරූ එස්කොබාර් ඒ සඳහා ඔහුගේම සිරගෙයක් සාදා එහි රඳවා තැබිය යුතු බවට කොන්දේසි ඉදිරිපත් කෙරුනා. එස්කොබාර් දඩයම් කිරීමෙන් හෙම්බත්ව සිටි කොලොම්බියානු රජය මෙයට එකඟ වුනා. සුඛෝපභෝගී පහසුකම් සහිත සමාජ ශාලාවක්, පාපන්දු පිටියක් මෙන්ම නාන තටාකද අඩංගු තමන්ගේම සිරගෙයක් සෑදු එස්කොබාර් එහි සැපපහසු දිවියක් ගෙවමින් තම හිතමිතුරන් සමග මත්ජාවරම තව දුරටත් පවත්වාගෙන යන්නට විය. රජය සමග ඇතිවූ ගැටුම් හේතුවෙන් පසුව ඔහු වෙනත් ස්ථානයකට රැගෙනයාමට පොලිස් නිළධාරීන් පැමිණි අවස්ථාවෙ මෙයින් පැනයාමට ඔහු සමත්වුනා.
1993 දෙසැම්බර් 2 වනදා පැන යන අවස්ථාවක වහලයක් මතදී වෙඩි තබා පැබ්ලෝ එස්කොබාර් ඝාතනය කරනවිට ඔහුගේ නිවැරදි වත්කම් ප්‍රමාණය කිසිවෙකුත් දැන නොසිටියා. ඔහු සතු වත්කම් වලින් විශාල කොටසක් ආභරණ, මුදල් , ගිනි අවි, මෝටර් රථ, ඉඩම් වශයෙන් රජය පවරාගත්තත් තවත් ඩොලර් බිලියනයකට වඩා කොලොම්බියානු භූමියේ තැන තැන වල දමා ඇති බවට සැක කරනවා. එස්කොබාර්ගේ ගෝලබාලයන් වැඩිපිරිසක්ද මියගොස් සිටි නිසා ඒවා වලදැමූ තැන් පිලිබඳ මේ වනවිටත් සොයා ගැනීමට අපහසුවී තිබෙනවා. සෝනාර් තාක්ෂණය භාවිතයෙන් මෙවැනි ස්ථාන කිහිපයක් හදුනා ගත්තත් තවමත් විශාල මුදල් ප්‍රමාණයක් පොළව යට සැඟව පවතිනවා.

3 comments:

  1. ෂෘ. බැලුවද ඇමරිකන් මේඩ් ෆිල්ම් එක..

    ReplyDelete
    Replies
    1. ඔව්, මෙයාගෙ ප්‍රධාන ගෝලයෙක් . පස්සෙ මෙයාම තමයි මැරුවෙ

      Delete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete