ආලෝකෝ උදපාදි මගේ හැටියට


පූර්ව ප්රචාරක පටය නිකුත් කර වසරකට පමණ පසුව මේ දිනවල තිරගතවන ආලෝකෝ උදපාදි නැරඹීමට පසුගියදා ඉඩක් ලදිමි. පූර්ව ප්රචාරකපටයේ තිබු තාක්ෂණික භාවිතාවන් හා අලංකාර රූප රාමු හේතුවෙන් බහුතර ප්රේක්ෂක සිත් තුල සිනමා පටය පිළිබද ධනාත්මක ප්රතිරූපයක් මැවී තිබුනු බව රහසක් නොවේ. මේ බව සනාථ කරමින් සතියේ දින සවසක වුවත් සැවෝයි සිනමා ශාලාව සම්පූර්ණයෙන්ම පිරීයන තරමට ප්රේක්ෂක සහාභාගීත්වයක් දැකගැනීමට හැකියාක්වක් ලැබුණි.
 වලගම්භා රජ දවස ඇතිවන සොළී ආක්රමණ, ඉන් හේතුවෙන් බුද්ධ ශාසනයේ ඇතිවන පරිහානිය මෙන්ම නැවත වරක් මහා කළු සිංහලයා රජ වීම හා ඉනික්බිති සිදුවන ත්රිපිඨකය ග්රන්ථාරූඨ කිරීම වැනි විශාලා කාල පරාසයක පැතිර ගිය කථා තේමාවක් පැය දෙක හමාරකට ලඝු කර දැක්වීමට නිර්මාණකරුවා උත්සාහගෙන තිබේ. කථාව ආරම්භයේදී සිදුවන සොළී ආක්රමණික නැව් ලඟාවීම විශේෂ ප්රයෝග භාවිතයෙන් අලංකාරව ඉදිරිපත් කර තිබුනත්, රජ මාළිගය ආක්රමණය කිරීම රූප වලට වඩා සංකේත භාවිතයෙන් පෙන්වා දැක්වීම ප්රේක්ෂක සිත් තුලට ආක්ර්මණයක සැබෑ ප්රචණ්ඩත්වය දැනවීමට අපොහොසත් වීම නිර්මාණයේ දුර්වල තාවයක් ලෙස ගෙන්හැර දක්වන්න පුලුවන්. මෙම දුර්වලතාවය චිත්රපටය පුරාම විවිධ අවස්ථා තුල අපට දැකගන්න පුළුවන්. සාමණේර භික්ෂූන් දෙපලගේ ඝාතනය, භික්ෂුන් රාශියක් එකවර ඝාතනය කරනා අව්ස්ථාව මෙන්ම අවසන් සටනේදීද මෙම දුර්වලතා අඩු වැඩි වශයෙන් දකින්න පුලුවන්. සමස්ථයක් වශයෙන් තිර රචනය මීට වඩා ශක්තිමත්ව ගොඩනගා තිබුනානම් අගනේයයි සිතුණු අවස්ථා බොහෝය,
මුලු සිනමා පටය පුරාම කැපී පෙනුනේ රූප රාමු තුල අඳුර හා ආලෝකයේ මනා සංකලනයයි. වරින් වර යොදාගත් සංකේථ භාවිතය, ගාථා ඛණ්ඩ සහ පසුබිම් සංගීතය සිනමා පටයට හොද ආලෝකයක් ගෙන දීමට සමත්ව ඇත.
නළු නිළියන් අතරින් තීය බ්රාහ්මණ තරුණයාගේ චරිතය නිරූපණය ඉතා දක්ෂ ආකාරයෙන් නිරූපණයවී තිබුනු අතර. ප්රධාන චරිතය රඟපෑ උද්ධිකගේ කැපීපෙනෙන ආකාරයේ රැඟපෑමක් දකින්නට නොලැබීම අවාසනාවකි.
සමස්ථ සිනමා පටයෙන්ම වඩාත්ම දුර්වල අවස්ථා වී තිබුනේ අවසන් සටන් ජවනිකා කිහිපයයි. පැහැදිලි හා විව්ධත්වයෙන් යුතුව කැමරා කෝණ භාවිතා නොකිරීම, දුර්වල පසුතල යොදාගැනීම හේතුවෙන් සටන් ජවනිකාවක සැබෑ උද්වේගය ප්රේක්ෂක සිත් තුල ඇති කිරීමට අපොහොසත් වූවායැයි සිතේ. රජුගේ පලායෑමේ සහ ත්රිපිඨකය ග්රන්ථාරූඨ කිරීම යන අවස්ථා දෙක සෙසු අවස්ථා වලට වඩා යම්තාක් දුරකට සාර්ථකව නිරූපණය වී තිබුනායයි කිව හැකිය.
සමස්ථයක් ලෙස මෑත කාලීන ඓතිහාසික පුවත් රැගත් සිනමාපට අතුරෙන් ඉහළට ඔසවා තැබිය හැකි සිනමා පටයක් ලෙස ආලෝකො උදපාදි හදුන්වා දෙන්න පුලුවන්. ප්රේක්ෂක ආකර්ෂණය දේශීය සිනමා කර්මාන්තයට ඇවැසි මොහොතක සාර්ථකව ප්රේක්ෂකයන් ගෙන්වාගත හැකි මෙවැනි සිනමා පටයක් නිශ්පාදනය කිරීමම පැසසිය යුතු කරුණකි.
“ අපි මොනවද බන් රට වෙනුවෙන් කරන්නෙ කියල හිතෙනවා” මේ සිනමා පටය අවසානයේදී එළියට පැමිණි මිතුරන් දෙදෙනෙකු අතර කතාබහකින් මට ඇසුණු කොටසකි.

1 comment:

  1. නැරඹූ අයෙකු කීවේ ඒ නැව් එන දර්ශනය කොපියක් බවයි.

    ReplyDelete