කූඹියෝ මනඃකල්පිතය

2014 ජනවාරි මාසයේ දිනක්.
අගනුවර සමීපයේ ප්‍රහූ නිවසක් තුල


වික්‍රමසිංහ .. උඹ තර්ජනය කරනවද ?

එක්තරා විදියකින් ඔව්. හැබැයි තර්ජනය කරන්නෙ මම නෙවෙයි.(එවිටම ජෙහාන් කාමරය තුලට එක්වරම ඇතුලුවුනේ පරසතු මල් චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා වගේ )




එක්වරම ජෙහාන්ගේ පැමිණීමෙන් කලබලයට පත්වූ අමරසිංහ
වික්‍රමසිංහ මේ විකාරය මෙතනින් නැවැත්තුවෙ නැත්නම් මම පොලිසියට කෝල් කරනවා යැයි පැවසීය. 
සංසුන්ව පියවර තැබූ ජෙහාන් ඔහුගේ අතේ තිබුනු පිස්තෝලය ඉදිරිපස මේසය මත තැබුවා

ඇයි මොකෝ .. තමුසෙ මට වෙඩි තියන්නද ?


ඕක මිනිහෙකුට වෙඩි තියපු එකක් ...  උපහාසාත්මක සිනහවක් ජෙහාන්ගේ මුහුනේ සටහන්ව තිබුනා.
පහුගිය කාලය පුරාවටම පොලිසිය බොහොම උනන්දුවෙන් හොයමින් ඉන්න දෙයක්. ඕක තමයි කළුපස්වල උද්ඝෝෂණය වෙලාවෙ අර කොල්ලට වෙඩි තියපු පිස්තෝලය.

එහෙනම් පොලිසියෙන් නෙවෙයි වෙඩි තිබ්බෙ .....

අපි හිතන් හිටියෙ ආමි එකෙන් තිව්වෙ කියලා.  
අමරසිංහ සන්සුන්ව අසල තිබුනු සෝපාවේ අසුන්ගත්තා. ඔහු අනුගමනය කරමින් වික්‍රමසිංහත් අසුන්ගත්තා.


වෙඩි තිබ්බෙ මගේ මිනිහෙක් ... නායකතුමා රටට කිව්වෙ කොහොමත් එහෙමනේ. මම හෙට ASP අබේසේකර හම්බවෙලා කියන්නෙ මිනීමැරුමක විස්තර. මට කොන්ත්‍රාත්තුවක් බාරදීලා දේශපාලන උවමනාවකට කරගත්ත මිනීමැරුමක විස්තර. අර තමුසෙලා මගේ තැනට ඇවිත් කතා කරපු ඔක්කොම
මම රෙකෝර්ඩ් කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි කම්පැණියෙ සෙල්ලමට ගහපු හැම ගේම් එකකම විස්තර මම එකතු කරලයි තියෙන්නෙ.

අයිසේ තමුසෙ හිතනවද තමුසෙ රෙකෝඩ් කරනවා කියලා අපි දන්නෙ නෑ කියලා. ගිහින් බලනවා කිසිම තැනක අපි මිනිහෙක් මරන්න කියලා තියෙනවද කියලා.

මට මෙච්චර වැඩක් බාරදීලා මට කිසිම සබන්ධයක් නැති අර කම්පැනිය හොඳටම අවුල් කරලා  ගමේ මිනිස්සු එලියට බැස්සුවත් පස්සෙ තමුසෙ 
කොහොමද කියන්නෙ මට මිනිහෙක් මරන්න එපා කිව්ව කියලා.

හහ් .. හරි ..තමුසෙට ඉතින් පුලුවන් දෙයක් කරනවා. තමුසෙ ලඟ සාක්කි ඇතිනේ ..කරන දෙයක් කරනවා. මට පුලුවන් දේ මම කරනවා. 
හැබැයි තමුසෙ එකක් මතක තියාගන්නවා තමුසෙ මේ හැමදේම කරන්නෙ තමුසෙගෙ බඩවියත රැකගන්න. අපි එහෙම නෙවෙයි. අපි මේවා කරන්නෙ මුලු ජීවිතයම කැප කරලා .. අන්න ඒක මතක තියාගන්නවා. 
වික්‍රමසිංහ  ...අයිම් වෙරි ඩිසපොයින්ටඩ් .. වෙරි ඩිසපොයින්ටඩ්.  ... වික්‍රමසිංහ හිතනවනම් තර්ජන ගර්ජන වලින් අපේ පක්ෂෙ නම්මගන්න පුලුවන් කියලා වික්‍රමසිංහටත් පොලිටිකලි වැරදුනා.  තමුසෙ තමුසෙගෙ කතාව එලියට ගිහින් කියනවා. මම මගේ කතාව කියන්නම්. අපි බලමු මිනිස්සු කාගෙ කතාවද පිලිගන්නෙ කියලා. 
අමරසිංහ පිටවයන්නට සැරසුනා .... 

හෝව් ..හෝව් .. .. ලොක්ක කලබල වෙනවනේ .. තාම පන්දම් පාලිය පටන් ගත්තා විතරයි. පොඩ්ඩක් ඉවසලා ඉන්නවා. 
තමුසෙ හිතනවනම් මම තමුසෙට මේ තරම් ලේසියෙන් යන්න දෙනවා කියලා මට තමුසෙ ගැන හරි දුකයි ඕයි. 
මම හෙට උදේට තමුසෙයි තමුසෙගෙ පුකේ පක්ෂෙයි පොලවට සමතලා කරනවා. 
එවිටම ජෙහාන් අනෙක් පස කාමර්යේ දොරටුව දෙසට හැරී ... දිසානායක .. දිසානායක සහෝදරයා .. 

එවිටම දිසානායක සහෝදරයා කාමරය තුලට සෙමෙන් පියවර තබන්නට වුනා. සිදුවන කිසිවක් අදහාගත නොහැකිවූ අමරසිංහට තව දුරටත් සිටගෙන සිටීමට ශක්තිය නොමැතිබව හැඟීගිය හෙයින් වාඩිවෙන්නට වුනා. ජෙහාන් නැවතත් කතාව පටන් ගත්තා.

දිසානායක හෙට ඉඳන් වික්‍රමසිංහ මැතිතුමාගේ පක්ෂයේ සාමාජිකයෙක්. එයා හෙට එයාගෙ කතාව කියයි. මේ මරණය සැලසුම් කරපු හේතුවට
මාව අත් අඩංගුවට ගනීවි. මම ඒකට කොහොමත් සූදානම් වෙලා තමයි ගේමට බැස්සෙ. මරණයට අනුබල දීම හේතුවෙන් තමුනුයි තමුන්ගෙ ඇම්බැට්ටයො රැලයි අත් අඩංගුවට ගනීවි. එතකොට තමුසෙගෙ ඔය පක්ෂෙට නායකත්වය දෙන්නෙ තමුසෙගෙ අප්පොච්චිද ? ..දිසානායක. 

දිසානායක දෙසට හැරුණු අමරසිංහ නායක තුමා ..  කළකිරුණු ස්වරයෙන් .. 

කීයක් හම්බවුනාද ?   ...පාවාදෙන්න .. 

නායක සහෝදරයා මෙතන සල්ලි ප්‍රශ්ණයක් නෙවෙයි තියෙන්නෙ. මම එදා ඉදලම ඔබතුමාට කිව්ව මේ වික්‍රමසිංහ මහත්තයගෙ පක්ෂෙට සම්බන්ධවුනොත්
අපිට තියෙන ප්‍රතිලාභ ගැන. මං ඒක අදත් කියනවා. අනිත් එක අපි මේ තනියෙන් කරන වැඩේ කිසි තේරුමක් නෑ නායක සහෝදරයා. අපිට මේ පටලැවිල්ලෙන් ගැලවෙන්නනම් එකතුවෙන්නම වෙනවා.  

මම මේ පක්ෂයේ නායකකමෙන් ඉල්ලා අස් වෙනවා. 

ඉල්ලා අස්වෙනවා නෙවෙයි සියදිවි හානි කරගත්තා කියමු. ඒත් ප්‍රතිඵලයෙ වෙනසක් වෙන්නෙ නෑ.  මම තුරුම්පු ටික අදිනවා.
දැන් කොහොමත් මේ මරණය සිද්ධවුනේ ආණ්ඩුව නිසා කියලයි මිනිස්සු හිතන්නෙ. ඒක නිසා මේ තුරුම්පු එලියට ආපු ගමන් ආණ්ඩුවෙන් මේක ගැන පරීක්ෂණයකරන්න පටන්ගන්නවා.   ඔබතුමා මොකද කියන්නෙ
අවුරුදු විස්සකටත් වඩා ඔබතුමා ගොඩනගපු පක්ෂෙ විනාශවෙන්න අරිනවද ..නැත්නම් සාපේක්ෂව විනාශය අඩු තීරණයකට යනවද ?

ජෙහාන් ....

වික්‍රමසිංහ පලමු වරට ..හඬ අවදිකලා. ජෙහාන්ට අසුන් ගන්නා ලෙස සන්කර වික්‍රමසිංහ නැගීසිටියා. සෙමෙන් අමරසිංහ අසලට පැමිණි ඔහු සංසුන් ස්වරයෙන්
මචං. මම උඹලගෙ සහයෝගය ඉල්ලන්නෙ නරක දේකට නෙවෙයිනේ. අපි දෙන්න දැන් පක්ෂ නායකයො වෙලා දැන් අවුරුදු විසිපහක් විතර වෙනවා.  මචං මම මෙච්චර කල්
මේ නායකකමේ ඉන්නෙ දිගටම විපක්ෂනායක කමේ ඉන්න බලාගෙන නෙවෙයි. තව ඡන්දයක් පැරදුනොත් මට පක්ෂ නායකකමත් නැතිවෙනවා. මට උඹලගෙ පක්ෂෙ සහයෝගය අවශ්‍යයමයි. මොකද කියන්නෙ මේ සැරේ මාත් එක්ක මේක කරමුද. 

වික්‍රමසිංහට පිස්සුද ... හැංගි හැංගි ඉඳලා තමුසෙලාගෙ උණ්ඩ වලින් බේරෙන්න රට පැනපු මට පුලුවන්ද පක්ෂෙ එවුන්ට කියන්න වික්‍රමසිංහට සහයෝගය දෙන්න කියලා.


නෑ ..අමරසිංහ ..මට උඹලගෙ සහයෝගය ඕන වෙන්නෙ කෙලින්ම නෙවෙයි. ඊලඟ ජනාධිපතිවරණයට ඉල්ලුවට ටයි කෝට් අඳින මට දිනන්න කොහොමත්ම බෑ කියලා මම දන්නවා.
අපි කවුරු හරි අපේක්ෂකයෙක් හොයාගන්නම්. මේ රටේ මිනිස්සුන්ව අන්දන්න පුලුවන් අපේක්ෂකයෙක්. මට ඕන කරන්නෙ අමරසිංහලා අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර අපිට වක්‍රාකාරව සහයෝගය දෙන එක විතරයි. ජෙහාන් ගාව ඒකටත් ප්ලෑන් එකක් තියෙනවා.  මට ඊට පස්සෙ පුලුවන් අගමැති පුටුවෙ වාඩිවෙන්න. ඊට පස්සෙ අපිට ජාතික ආණ්ඩුවක කොටස්කාරයො වෙන්නත් පුලුවන්. 

වික්‍රමසිංහ .... මට කීයටවත් ඒක කරන්න බෑ. මැරුණත් මට සැනසිල්ලක් ලැබෙන එකක් නෑ රෝහණගෙන්. 

එහෙනම් වෙන විකල්පයක් නෑ අමරසිංහ සහෝදරයා ඔයාට සිද්ධවෙනවා නායක කම දිසානායක සහෝදරයාට පවරලා දේශපාලනයෙන් විශ්‍රාම යන්න. අපි ඉතුරු ටික බලාගන්නම්.  

෴ මනඃකල්පිත නිර්මාණයකි ෴

No comments