ව්‍යාස පඬිවරයාගේ උපතේ කතාව


ඉන්දියානු මහා කාව්‍යය ද්විත්වය වූ රමායණය සහ මහාභාරතය අතුරෙන් දීර්ඝතම කාව්‍යය වන්නේ ම්හාභාරතයයි. මෙය ලොව රචනාවූ දීර්ඝතම කාව්‍යය ලෙස සැලකෙනවා. එය කෙතරම් විශාලද යත් ග්‍රීක මහා වීර කාව්‍යය දිවිත්වය වූ ඉලියඩ් සහ ඔඩිසි එකතුව ගත්තද මහාභාරතය එමෙන් සත් ගුණයක් දීර්ඝ කාව්‍යයකි.  ව්‍යාස පඬිවරයා විසින් සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද මහාභාරතයේ සඳහන් වන ඔහුගේ උපත ගැන අඩංගු රසවත් කතාව ගෙන ඒමටයි මේ සූදානම් වන්නේ. රමේෂ් මෙනන් සම්පාදනය කරන ලද The Mahabharata: A Modern Rendering කෘතියෙන් පරිවර්තනය කරන ලද කරුණු ඇතුලත් මෙම ලියවිල්ලේ අඩුපාඩු ඇතොත් අදහසක් සටහන් කරන ලෙස ඉල්ලා සිටිමි. 

අතීත විභූතිමත් භාරතයේ චේදිය නම් රාජ්‍යයක් විය. මෙහි රජකම් කරවූයේ උපරිචාර නම් ක්ශත්‍රීය පාලකයෙක් විසිනි. ඉන්ද්‍ර නම් දෙවියන් විසින් ලබාදුන් මාහැඟි පලිඟු අහස්යානයක් මොහු සතුවිය. යායුතු ඕනෑම ස්ථානයක් සිහියට නගාගත් වහා ක්ෂනිකව එම ස්ථානය කරා ඔහු රැගෙන යාමට මෙම විමානයට හැකියාවක් විය. එම නිසා උපරිචාර වාසු යන නමින්ද රජ තෙමේ ප්‍රකට විය. රජුගේ මෙහෙසිය වූයේ ගිරිකා බිසවයි. ඒ වනවිට රජු සමග පුත් කුමාරවරු පස්දෙනෙක් බිහිකිරීමට රැජිණ දායකවී තිබුනත් ඇයට තවත් පුත් රුවනක් බිහිකිරීමේ ආශාවෙන් පෙළුණා. දරුවකු පිළිසිඳ ගැනීමට සුදුසුම සමයේ දිනයක උදෑසන රජුවෙත එළඹි ඈ ඇය සමග යහන්ගතවන ලෙස රජුගෙන් ඉල්ල සිටියා. වියෝවූ සිය පියා වෙනුවෙන් දඩයම් කරන ලද මාංශ ආහාරයක් පුදනා බවට රජු එදින පොරොන්දුවක් ලබාදී තිබුනා. මේ හේතුවෙන් රැජිණගෙ ඉල්ලීම හැරදමා ඔහු දඩයම් පිණිස පිටත්වූවා. කිසිදා නොවූ ලෙස දඩයම් කිරීම්දි දෙවරක්ම රජුගේ ඉල්ලකයන් වරදින්නට වුනා. මෙයට හේතු වූයේ රැජිණ හැර පැමිණියත් රැජිණ පැලඳ සිටි දුහුල් සළුපට සහිත වස්ත්‍රය නිසා ඇයගේ කාමුක ස්වරූපය සිහියට නැගීමේන් කාමාශාවෙන් පෙළෙන්නට වීමයි. දඩයම පසක දමා ගිරිකාගේ මන්මත්වන රූ සොබාව සිහිපත් කරමින් උපරිචාර වනය තුලදීම ස්වයංවින්දනය කරමින් නුග පත්‍රයක් මතට ශුක්‍ර ධාතු මුදාහරිනු ලැබුවා. නුගපත නවදමා මන්ත්‍ර කිහිපයක් මතුරන ලද ඔහු සිය දඩයම් උකුස්සා කැඳවා  රැජිණ වෙත නුගපත හැකි ඉක්මණින් ලබාදෙන ලෙස පවසා මුදාහැරියා. 
උකුසු තෙම පියඹායන අතර තුර යමුනා නදී අසබඩ අහසේදි නුගපත මස් කැබැල්ලක් ලෙස වරදවා වටහාගත් රාජාලියෙකු උකුස්සාගෙන් එය ලබාගැනීමට සටන් කරන්නට විය. මෙම සටන අතර තුරදී උකුස්සාගේ තුඩින් ගිලිහුණු නුගපත්‍රය යමුනා නදියට වැටුණි.
යමුනා නදියේ දිය නෑමට පැමිණි දිව්‍යය අප්සරාවක් නිරුවත් සිරුර පෙන්වා සෘෂිවරයෙකුගේ ධ්‍යානය බිඳහෙලීමට තැත් කිරීම නිසා ඔහුගේ ශාපයට හසුව මත්ස්‍යය සිරුරක් සහිතව සදාකල්ම නදියේ පිහිනමින් කල්ගතකරමින් සිටියා. කල්යත්ම ඉතා විශාලව වැඩුණු ඇයහට තමන් අප්සරාවක් යන වගද අමතකවන්නට වුනා. උකුස්සාගේ තුඩින් ගිලිහුණු නුග පත නදියට වැට් රජුගේ ශුක්‍රධාතු ගඟ පහලට ගලායනු දුටු ඇය ක්ෂණිකව සිය වරල්තුලට ශුක්‍රධාතු ගෙන ගැබ්බර වූවා, මාස දහයක ඇවෑමෙන් ඇයගේ උදරය විශාලවන්නට වූ නිසා තව දුරටත් පිහිනිමට නොහැකිව ඈ ගංඉවුරේ වැතිර සිටිමින් කල් ගතකරන්නට වුනා. මෙසේ සිටිනා අතරතුර දිනක් ධීවරයෙක් විසින් ඇය අල්වාගනු ලබනවා. ඔරුවක් තුලට ඇදගෙන ඇයගේ බඩ කපා බලන ඔහු පුදුමයට පත්කරමින් දරුදෙදෙනෙක් ඇයගේ කුස තුල සිටින ආකාරය දකිනවා. එක් දරුවෙක් පිරිමි සහ අනෙකා ගැහැණු දරුවෙක් ව්ය. ඊලඟ දිනයේ උපරිචාර රජු වෙත පැමිණෙන ධීවරයා රජු වෙත සිද්ධිය සැළ කරමින් ඔහු වෙත එක දරුවෙක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. රැජිණ බලාපොරොත්තුවූ සයවන කුමරා තවමත් බිහිව නොවූ නිසා රජු පිරිමි දරුවා තබාගෙන ධීවරයා වෙත ගැහණු දරුවා ලබාදෙනවා. මත්ස්‍යය කුසකින් උපත ලද කුමරා මත්ස්‍යරාජ ලෙස නම් තබන අතර ගැහැණු දරුවා මත්ස්‍යගාන්ධි ලෙස නමකරනු ලබනවා. 
වසර දහසයකට පසු දිනෙක වන්දනා ගමනක නියැලෙමින් සිටි පරශාර නම් සෘෂිවරයා යමුනා නදීතෙරට එලඹ එය තරණය කිරීමට නොහැකිව මසුන් මරන්නාගෙ නිවසට පැමිණ උදව් ඉල්ලා සිටින්නට වුනා. එවිට පාතරාසය අනුභව කරමින් සිටි මසුන් මරන්නා මත්ස්‍යගාන්ධිට සෘෂිවරයා එතෙර කරවන ලෙස දැනුම්දෙනවා. ඒ වනවිට මනා රූශ්‍රීයෙන් වැඩී තිබුනු ඇය අප්සරාවක මෙන් දිස්වුනා. නමුත් ඇයගෙන් මත්ස්‍යය ඝන්ධය කුඩාකලසිටම වහනය වන්නට වුනා. ඟඟ තරණය කරන අතරතුර ඇයගේ රූපශ්‍රීයෙන් පරශාරගේ කාමාශාව දැඩිවන්නට පටන් ගත්තා. ඉවසාගත නොහැකි කාමාග්නියෙන් ඔහු ඇයව සිපගන්නට පටන්ගත්තා. බ්‍රාහ්මණයෙකු ඈ වැනි අයෙකු සමඟ ලිංගිකව එක්වීමට උත්සාහ කිරීම ඇය බියගන්වන කාරණයක් වුනා. තවමත් කන්‍යාවියකවූ ඇය ගැබිණියක් වේ යන බියද ඇයට වදදෙන්නට  වුනා. ඇයව සනහාලන්නට වූ පරශාර තමන්සමග එක්වන්නේ නම් ඇය දෙවියන් සෘශිවරුන් අතර වැජඹෙන්නට හැකි බවත් දිව්‍යමය පෙනුමක් ලබාගෙන සත්‍යාවතී ලෙස නම්දැරීමට හැකි බවත් පවසා සිටියා.  සෘෂිවරයා ඔහුගේ බලයෙන් ඇයගේ මත්ස්‍යය ගන්ධය දිව්‍යමය සුගන්ධයක් බවට පත්කලා. මෙයින් අවනතවූ ඇය ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒවා නම්, ඔවුන්ගේ මෙම සම්භෝගය කිසිවකු දැන නොගතයුතු බවත්,  ඇයගේ පුත්‍රයා ඔහු මෙන් සෘෂිවරයෙක් වියයුතු බවත්, ඇයගේ කන්‍යාභාවය නොබිදී තිබියයුතු බවත්, සැමදාමත් දිව්‍යමය සුගන්ධයෙන් ඇය යුක්ත විය යුතු බවටත්ය. ඉතාමත් සතුටට පත් පරශාර ඇයගේ සියලුම ඉල්ලීම් ඉටුවනු ඇති බවත් ඇයගේ පුත්‍රයා ලොව ශ්‍රේෂ්ඨතම කාව්‍යරචකයා බවට පත්වනු ඇතිබවත් දන්වා සිටියා. ඉන් අනතුරුව ඇයව ඔසවාගත් ඔහු  මයා හිම වලාවකින් භාහිර ලෝකයට ඔවුන් වසා දමා ගඟ මධ්‍යයේ තිබූ දූපතකදී ඇය සමග කාම සම්බෝගයේ යෙදෙන්නට වුනා. සම්බෝගය අවසානයේ ඇයව සිපගත් සෘෂිවරයා ඇයව හැරගියා. සම්බෝගයෙන් ගැබ්බරවූ ඇය විලිරුදාවක් රහිතව දූපත තුලදී එකෙණෙහිම දරුවා බිහිකරනු ලැබුවා. දරුවා ඉපදුණු වහාම කාමදේව මෙන් කඩවසම්  සම්පූර්ණයෙන්ම වැඩුණු ශරීරයකින් යුක්තවුනා. ඉපදුණු වහා මව අමතා කතාකල ඔහු අප දැන් වෙන්විය යුතුබවත් ඇයට ඔහු දැකිය යුතු ඕනෑම අවස්ථාවක ඇය ඉදිරියට පැමිණෙන බවට පොරොන්දුවී ඇයගෙන් සමුගත්තා. 

පසුකලෙක වේද ව්‍යාස නමින් ප්‍රකටව ගණ දෙවිඳුන්ගේ ආරාධනයෙන් මහාභාරතයද, තවත් වේද ග්‍රන්ථ රැසකද රචකයා වූයේ සත්‍යාවතීගේ මෙම පුත්‍රයාය. 

No comments