Man with the golden arm


ජේම්ස් හැරිසන් 1936 දී උපත ලද ඔස්ට්රේලියානු ජාතිකයෙක්. ඔහුට වයස අවුරුදු 14 දි වැළඳුනු රෝගයක් නිසා එක් පෙණහැල්ලක් ඉවත් කරන්නට සිදුවෙනවා. ශල්යකර්මයෙන් පසුවත් මාස තුනක් පමණ ඔහුට රෝහල් ගත වී සිටීමට සිදුවෙන්නේ පිටතින් රුධිරය ලීටර් 13ක් පමණ වරින් වර සැපයීමට සිදුවූ නිසායි. රෝහලෙන් පිටව යන අවස්ථාවේ ඔහු තේරුම් ගන්නවා තමා තවදුරටත් ජීවත් වන්නේ රුධිර දායකයන් නිසාවෙන් බව. ඒ අවස්ඨාවේදීම ඔහු අදිටන් කරගන්නවා අවුරුදු 18 සපිරුණු වහාම රුධිරය ප්රධානය කරමින් තවත් ජීවිත රැක ගැනීමට උදව් කරනා බවට.

ඒ අනුව තම 18 වැනි උපන් දිනයේදීම රුධිරය ප්රධානය කරන ඔහු ඉන් පසුව දිගින් දිගටම ලේ දන්දීමේ නියැලෙනවා. මෙසේ කිහිපවරක් ලේ ප්රධානය කිරීමෙන් පසුව වෛද්යවරුන් විසින් හැරිසන්ගේ රුධිරයේ විශේෂත්වයක් සොයාගනු ලබනවා. එනම් ගැබිනි මව්වරුන්ට සහ බිළිදුන් මුහුණදෙන Rh disease නැමති විශේෂිත තත්වයට ප්රතිරෝධී ප්රතිදේහයක් ඔහුගේ රුධිරයේ අඩංගුවන බවයි. Rh disease යනු Rh negative රුධිරය සහිත මවක් සහ Rh positive රුධිරය සහිත පුරුෂයෙක්ගෙන් දරුවෙක් පිළිසිඳගත්විට ඇතිවන සංකූලතාවයකි. ප්රතිකාර නොමැතිවුවහොත් මේ නිසා මරණීය සංකූලතා ඇතිවිය හැකි අවධානමක් පවතිනවා. 

සැණෙකින් මෙහි වටිනාකම අවබෝධ කරගන්නා පර්යේෂකයන් ඔහුගේ රුධිරය භාවිතයෙන් ඖෂධයක් නිපදවීමට කටයුතු කරන අතර හැරිසන්ගේ ජීවිතය ඩොලර් මිලියනයකට රක්ෂණය කිරීමටද කටයුතු කරනවා. පසුව කරන ලද පර්යේෂණ අනුව ඔහුගේ රුධිරය භාවිතයෙන් RhoGAM යනුවෙන් හැදීන්වෙන ප්රතිකාරයක් නිපදවීමට සමත්වෙනවා. සාමාන්ය රුධිර දායකයෙක්ට වඩා අඩු කාල පරාසයක් තුල රුධිර ප්ලාස්මාව ප්රධානය කල හැකි නිසා හැරිසන් සාමාන්යැන් සතු තුනකට වරක්වත් ලේ දන්දීම කරගෙන යන්නට වුනා. 2011 වසර වන විට වසර 57ක් තුල වාර දහසක් රුධිරය ලබාදීමට හැරිසන් කටයුතු කර තිබුනා. මේ කාල පරාසය තුල ඔහුගේ රුධ්ර ප්ලාස්මා නිසා ඔස්ට්රේලියාව තුල දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට ආසන්න ප්රමාණයක දිවි බේරා ගැනීමට හැකිව තිබුනා. මෙහි සුවිශේෂම කරුණ වන්නේ ඔහුගේ දියණිය ගැබිණි සමයේදී ඇයගේ දිවි බේරාගැනීමටද මෙම රුධිර ප්රධානය උපකාර වී තිබීමයි. තමන්ට දැක්වූ කෘතගුණ සැළකීම හේතුවෙන් ලේ දන්දීමට පටන්ගත් ඔහුගේ ක්රියාව නිසා තම දියණියටම උදව්කිරීමට ඔහුට හැකිවුනා.

හැරිසන් අවසන්වරට රුධිරප්රධානය සිදුකරන්නේ 2018 මැයි 11 වැනිදායි. ඒ ඔහුගේ 1173 වැනි වාරයයි. ඔහුට එතැනින් නවතින්න සිදුවන්නේද ඔස්ට්රේලියානු නීතිය අනුව අවුරුදු 81 ට වැඩි පුද්ගලයන්ගෙන් රුධිරය ලබාගැනීමට එරෙහිව පනවා ඇති නීතිය හේතුවෙනි. ඔහුගේ රුධිරයේ පවතින වටිනාකම නිසාම ඔහුව හඳුන්වනු ලබන්නේ Man with the golden arm හෙවත් ස්වර්ණයම හස්තයක හිමිකරුවා ලෙසයි ඔහුගේ ක්රියාවට උපහාරයක් ලෙස Medal of the Order of Australia යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා.

No comments