ලොවට අහිමිවූ සොයාගැනීම්

Sloot Coding System

1995 වර්ෂයේ එක්තරා දිනයක වැඩි දෙනෙකු ඒවනවිට නොදැන සිටි ඩෙන්මාර්ක් ජාතික විද්‍යුත් ඉංජිනේරුවෙක් වූ Jan Sloot විසින් ඔහුගේ අපූරු විශ්මය දනවන සොයාගැනීමක් ලෝකයා හමුවේ ප්‍රකාශයට පත් කරනු ලබනවා. ඔහුගේ මෙම විශ්මිත සොයාගැනීම නම් සම්පූර්ණ චිතපටයකට වැයවෙන දත්ත (Data) ප්‍රමාණය කිලෝ බයිට් 8ක් වැනි ඉතාම සුලු දත්ත සංඛ්‍යයාවකට හකුළුවා (Compression) දැමීමට හැකි ඩිජිටල් කේතයක් ( Coding system ) නිර්මාණය කිරීමයි. වඩාත් පුදුමයට කරුණ නම් Sloot Digital Coding system යනුවෙන් හැඳුන්වූ මෙය අද පවතින තාක්ෂණය හමුවේවත් ලඟා කරගත නොහැකි ඉලක්කයකි.

Sloot තවත් ආයෝජකයෙක්ගේ සහය ඇතුව 1996 දී මේ සඳහා පේටන්ට් බලපත්‍රයද ලබාගන්නා ඔහු තවත් ආයෝජකයන් සෙවීමට උනන්දු වන්නේ තම නිර්මාණය සාමාන්‍යය වෙළඳපොල වෙත ලබාදීමේ අරමුණෙන්. මේ අරමුණින් යුතුව ලෝ ප්‍රකට Philips ආයත⁣නයේ ප්‍රධාන තාක්ෂණික නිළධාරී වූ Roel pieper ඉදිරියේ ඔහු තම නිර්මාණය සාර්ථකව ඉදිරිපත් කරනවා. මෙයින් විශ්මයට පත්වන ඔහු Sloot සමග ආයෝජනයට එකඟ වුවත් Philips ආයතනය එම තාක්ෂණය ගැන අවිශ්වාශයෙන් ආයෝජනය ප්‍රතික්ෂේප කරනවා. ඉන් අනතුරුව පුද්ගලික ආයෝජකයෙක් වශයෙන් Roel සහය දැක්වීමට එකඟවෙමින් Sloot සමග The fifth force inc. නමින් ආයතනයක් පිහිටවනු ලබනවා. බොහෝ දෙනෙක් මෙය ප්‍රායෝගිකව කල නොහැකි ලෙස සැක පහල කිරීම මීට ප්‍රධාන හේතුව වුනා. තවත් ආයෝජකයන් සොයාගැනීමේ අරමුණින් ආයෝජකයන් විසි දෙනෙක් ඉදිරියේ 1999 දි Sloot ප්‍රායෝගිකව සාර්ථක ලෙස තම සොයාගැනීම ඉදිරිපත් කලේ කිලෝ බයිට් 64 ක චිපයක චිත්‍රපට 16ක් ගබඩා කිරීමෙනි. නමුත් ඉතාමත් අවාසනාවන්ත අයුරින් තම සොයාගැනීමේ Source codes ආයෝජකයන්ට ලබාදීමට දිනක් තිබියදී අබිරහස් ලෙස Sloot මිය යනවා. ⁣මෙය හෘදයාබාධයක් ලෙස සැලකුණත් බොහෝ පිරිස් මෙම මියයාම ගැන සැක පහල කරනු ලැබුවා.
ඔහුගේ මරණයෙන් අනතුරුව Pieper සහ අනෙක් ආයෝජකයන් ඔහුගේ පරිගණකය සහ අනෙකුත් උපකරණ පරීක්ෂාකරත් එම තාක්ෂණය පිළිබඳ හෝඩුවාවක් දැන ගැනීමට අසමත් වනවා. මාස ගණනක් තිස්සේ උත්සාහ ගත්තත් කේතයන් අඩංගුව තිබූ ෆ්ලොපි තැටිය ඔවුන්ට සොයාගන්න ලැබෙන්නේ නෑ. 
මේ ආකාරයට ඉතාමත් වටිනා ⁣පුදුම සහගත නිර්මාණයක් ලොවට අහිමී යනවා. තවමත් ඔහු ලඟාකරගත් තාක්ෂණයට ලඟාවීමට විද්‍යඥයන්ට නොහැකිවී තිබෙනවා.

.......................................................................................................................................................................


Starlite
ආධුනික රසායනවේදියෙක් වූ Maurice Ward හැත්තෑව දශකයේ සහ අසූව දශකය පුරාවටම සිදු කරන ලද පුද්ගලික පරීක්ෂණ කිහිපයකින් අනතුරුව ලොවට හඳුන්වාදුන් සොයාගැනීමක් තමයි Starlite කියන තාප පරිවාරක ද්‍රව්‍යය. මෙහි විශේෂත්වය තමයි ඒ වනවිට තිබුනු අන් කිසිදු පරිවාරකයකට වඩා අධික තාපයට ඔරොත්තු දීමට මේ ද්‍රව්‍යයට තිබුනු විශ්මිත හැකියාව. මොරිස් ගේ මෙම සොයාගැනීම ලෝකය පුරා කතාබහකට ලක්වුනේ 1993 දි පැවති Tomorrow's world විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශණය අතරතුරයදියි
මොරිස් විසින් ප්‍රදර්ශණය කරන ලද එක් තත්ව පරීක්ෂණයක් අතරතුර, සෙන්ටිග්‍රේඩ්ස් අංශක 10000 ක උෂ්ණත්වයක් නිපදවිය හැකි ලේසර් කදම්භයක් දරාගැනීමට Starlite සාර්ථකව සමත්වුනා. තවත් අවස්ථාවකදී සාමාන්‍යය බිත්තරයක starlite ආලේප කර එය විනාඩි පහක කාලයක් ගිනිදැල් එල්ල කරත් විනාඩි පහ අවසන් වනවිට අතින් ඇල්ලිය හැකි තරම් සිසිල්ව බිත්තරය තාප පරිවරණය වී තිබුනි. මිනිස් අතක ආලේප කරනලද අමුද්‍රව්‍යය සාර්ථක ලෙස ගිනිදැල් වලින් සම ආවරණය කිරීමට සමත්විය. උළෙලේ විකාශන කටයුතු කරන ලද BBC රේඩියෝව සජීවි ලෙස ලොවට මෙම තතු බෙදා හැරියා.
මෙම විස්තර ලොවපුරා විකාශය වීමත් සමග බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යංශය මෙන්ම ඇමරිකාවේ NASA ආයතනයද මොරිස් ගේ සොයාගැනීම පිළිබඳ උනන්දුවූ අතර ඔවුන් එහි සාර්ථකත්වය පරීක්ෂාකරනු ලැබුවා. Atomic Weapons Establishment සහ ICI ආයතන අමුද්‍රව්‍යය සාම්පල පරීක්ෂාකර බැලු අතර ඔවුන්ට ඒවා රඳවාගැනීමට මොරිස් ඉඩ දුන්නෙ නැහැ. ඔහු සැමවිටම තම සොයාගැනීම අන් අය විසින් නැවත නිර්මාණය කරනු ඇතැයි බියෙන් පසුවුනා. තම නිශ්පාදනය ඩොලර් බිලියන ගණනක් වටිනා බවත් නැවත නිශ්පාදනයේදී එහි රසායනික සුත්‍රය ලබාදීමටනම් වටිනාකමෙන් 51% ඔහුට ලබාදිය යුතු බව සැමවිටම ප්‍රකාශකරමින් සිටියා. ඔහු දිගින් දිගටම NASA වැනි ආයතන සමග නිශ්පාදනය පිලිබඳ කතාකලත් ඒ සෑම විටම තම නිශ්පාදන ක්‍රියාවලිය ඔවුන්ට නිරාවරණය කිරීමට අකමැතිවුනා. ඒ වගේම එය ව්‍යාපාරික නිශ්පාදනයක් ලෙස ඉදිරිපත් කිරීමටත් මැලිකමක් දැක්වුවා. 
2011 මැයි මාසයේදී ඔහු මියයන තෙක්ම තම රහස කිසිවකුට හෙලිකිරීමෙන් වැලකුනු ඔහු එහි සාම්පල තම සන්තකයේම තබාගෙන සිටියා. 
ලොවට අහිමි වූ විශ්මිත සොයාගැනීම් - දෙවැන්නලදීද පවුලේ කිසිවකුගෙන් හෝ ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට නොහැකිවුනා. නිර්මාපකයාගේ හිතුවක්කාරී ක්‍රියාමාර්ග නිසා වටිනා නිර්මාණයක් ලොවට අහිමිවුනේ ඒ ආකාරයටයි.


No comments