මධුසමය සහ න්‍යයෂ්ටික බෝම්බය


හිරෝෂිමා සහ නාගසාකි නගර ඉලක්ක කරමින් සිදුවූ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයට දින කිහිපයකට ආසන්න වනතුරුත් නාගසාකි නගරය මෙම බෝම්බ වල ඉලක්කයක් නොවූ බව ඔබ දැනසිටියාද ?

මේ වෙනුවට ඉලක්කගත ලයිස්තුවේ උඩින්ම තිබුනේ ඉපැරණි ජපානයේ අගනගරය වන සුන්දර කියෝතෝ නුවරයි. මෙම ඉලක්ක ලැයිස්තුව සකස් කිරීමට මූලික වුනේ ඇමරිකානු හමුදාවේ ඉහළම සිටි ජනරාල්වරුන් සහ විද්‍යයාඟයන්. ලක්ෂ 10කට අධික ජනගහනයක් සහ විශාල කර්මාන්තශාලා පිහිටි ඒ වගේම බෞද්ධ සිද්ධස්ථාන 2000කට අධික ප්‍රමාණයක් සහිත ලෝක උරුමයන් 17ක් ඇතුලත් ජපානයේ ප්‍රධානම නගරයක් වූ කියෝතෝව ඒ වනවිට කිසිදු ඇමරිකානු බෝම්බ ප්‍රහාරයකට ලක්වී නොතිබූ නගරයක්. ඒ වගේම විශ්වවිද්‍යායාල කිහිපයක් පිහිටා තිබුනු නිසා ඇමරිකානුවන් කල්පනා කරා කියෝතෝ වාසීන්ට මෙම බෝම්බය සාමාන්‍යය බෝම්බයක් පමණක් නෙවෙයි මිනිස් ඉතිහාසය වෙනස් කරන ලක්ෂයක් බවට ඔවුන්ට තේරුම්ගත හැකිවෙයි කියලා. 

නමුත් අවසාන මොහෙතෙදි එනම් 1945 ජුනි මාසය වෙද්දි ඇමරිකානු යුධ ලේකම් Henry Stimson අණ කරනවා කියෝතෝව මෙම ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙසට. නමුත් හමුදා නිලධාරීන් මෙය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මැලිවුනා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන්ද එම උපදෙසම ලැබුණු පසු ඔවුන්ට එම උපදෙස පිළිගැනීමට සිදුවූවා. ඒ වනවිට Henry Stimson ට හැකිවෙලා තිබුනා ජනාධිපතිවරයා එකඟ කරගැනීමට කියොතෝව ලැසිතුවෙන් ඉවත් කරන්න. මේ නිසා ලොවෙන් සදහටම වියැකී යාමට තිබූ පෞරාණික උරුමයන් රැසක්  බේරාගැනීමට ඔහුට හැකිවුනා. නමුත් මෙවැනි ක්‍රියාමාර්ගයකට යාමට ඔහුට බලපෑවේ මේ පුරාවස්තු පිළිබඳ ඇල්ම විතරක්ම නොවෙයි. මෙය ඊට එහා ගිය ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් හා බැඳුණු සිදුවීමක් නිසා සිදුවූ දෙයක්.
 
1920 දශකයේදී හෙන්රි වැඩකටයුතු කලේ පිලිපීනයේ ඇමරිකානු ආණ්ඩුකාරවරයා ලෙසින්. මේ කාලයේදී තමයි ඔහු විවාහයට පත්වන්නේ. විවාහයෙන් අනතුරුව මධුසමය ගතකිරීමට ඔවුන් තෝරාගන්නේ සුන්දර කියෝතෝ පුරවරයයි. බිරිඳ සමග ගෙවන මිහිරි මධුසමය අතරතුර හෙන්රිට ජපාන සංස්කෘතිය ගැනත් විශාල ඇල්මක් හටගන්නවා. කියෝතෝවේ සුන්දරත්වය ඔහු වශීකෘත කරවනවා. මෙන්න මේ පුද්ගලික ඇල්ම තමයි අවසානයේ කියෝතෝව ලැයිස්තුවෙන් ඉවත්වෙලා නාගසාකි ඒ වෙනුවට පැමිනෙන්නෙ. 

එහෙම බැලුවම ගොඩක් ඉතිහාසඟයන් විශ්වාස කරනා ආකාරයට සුන්දර කියෝතෝව මේ ව්‍යාසනයෙන් ගැලවෙන්නෙ මධුසමයක මිහිරියාව නිසා. 

3 comments:

  1. වයිෆ් ට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනි... වැරදිලා හරි මධුසමය එපා උණා නම් මේ මනුස්සයා මුළු ජපානේටම බෝම්බ දානවා :)

    ReplyDelete
  2. හෙන්රි ස්ටිම්සන් විවාහ වෙලා තියෙන්නේ 1893 දී. ඒ නිසා 1920 ගණන් වලදී ඔවුන් මධුසමය ගත කළා වෙන්න බැහැ. සමහර විට නිවාඩුවකට කියෝතොවට ගියා වෙන්න ඇති.

    ReplyDelete
  3. if the second Ano is correct shashiyo tho kasippu bilada meka livve???

    ReplyDelete