සයිබරය නැවතුනදා


සෙලිබ්‍රිටි මරණවලින් බුකිය කැළඹීම මෑතක සිට ලංකාවේ දකින්න පුලුවන්. මෑත කාලීනව මෙය වැඩිපුරම දැකගන්න පුලුවන් වුනේ Paul walker ගේ මරණයත් සමගින්. ඉන් පසුව විජය නන්දස්රි මහතා⁣ සහ අමරදේව ශූරීන් මියගිය අවස්ථාවේත් ටයිම්ලයිනය සම්පූර්ණයෙන්ම වැසීගියේ ඔවුන් පිළිඹද පෝස්ට් වලින්. නමුත් පෝල් වෝකර්ගේ මරණය අවස්ථාවේ මෙන් මේ පෝස්ට් පිළිබඳ ඍණාත්මක ප්‍රතිචාර දැකගන්න ලැබුනේ නෑ දේශීය කලාකරුවන් දෙදෙනාගේ මරණය පිළිබඳව. දැන් චෙස්ටර්ගේ මරණයත් සමග බුකිය පුරාම චෙස්⁣ටර් දන්නා අය සහ නොදන්නා අයද මේ මරණය ගැන විවිධාකාරයේ මතගැටුම් වලට පැටලී සිටිනු දැකගන්න පුලුවන්. මම මේ සටහන ලියන්න අදහස්කලේ මේ කවුරුවත් ගැන නෙවෙයි මේ සියවසේත් පසුගිය සියවසත් ඇතුලත මියගිය විශාලතම රසික ආකර්ශණයක් තිබූ ගායකයා හැටියට සැලකෙන මයිකල් ජැක්සන්ගේ මරණය අවස්ථාවේ සයිබර් අවකාශය තුල හටගත් කලබලකාරී ස්වභාවය ගැන කතා කරන්නයි. මයිකල් ජැක්සන් සැළකුණේ එදා මෙදාතුර කලා ක්ෂේත්‍ර්යේ බිහිවූ ජනප්‍රියතම පුද්ගලයා හැටියටයි. ඇමරිකාවේ කෝටිපතියාගෙ සිට අප්‍රිකාවේ එඬේරන් දක්වා සෑම අයෙකුම ඔහුව දැනසිටියා. අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ විහිලුවක් තමයි මයිකල් ජැක්සන් ජේසුස් වහන්සේටත් වඩා ප්‍රසිද්ධ බව. ඒවගේම ලෝකයේ සෑම අයෙක්ම දන්නා සන්නාම දෙක වන්නේ කොකා කෝලා සහ මයිකල් ජැක්සන් කියනා නාමයන් බවත්. 



මයිකල් ජැක්සන් මියගියේ 2009 ජුනි මස 25 වනදා. මුලු ලෝකයටම මේක අදහාගත නොහැකි ප්‍රබල කම්පනයක් දැනවූවා. මේ ලියන මමත් 26 සිකුරාදා උදේ යාළුවෙක් විසින් නින්දෙන් ඇහැරෙව්වේ මේ ප්‍රවෘත්තිය දැනුම්දෙන්න. රූපවාහිනියේ දැකගන්න පුලුවන් වුනේ ඇමරිකාවේ මංමාවත් වල තැනින් තැන් නැවතූ වාහන වලින් එලියට බැස ජනයා තැන් තැන් වල හඬමින් සිටින දර්ශණයි. මේ අතර තුර ලක්ෂ ගණනක් අන්තර්ජාලයේ මෙහි සත්‍යයතාව පිරික්සන්නට පටන්ගත්තා. පලමු පැය ඇතුලත ගූගල් නිව්ස් වෙත පිවිසුනු පරිශීලකයන් ප්‍රමාණය දරාගත නොහැකිව එය තාවකාලිකව අක්‍රීය තත්වයට පත්වුනා. CNN වෙබ් අඩවියට පැයක කාලයක් තුල පිවිසීම් මිලියන විස්සක් දක්වා වැඩිවුනා. Twitter පුරා Michael jackson RIP යනුවෙන් පෝස්ට් විශාල ගණනක් යොමුවීම නිසා එයද බිඳවැටෙන්නට පටන් ගත්තා. වැඩිම තදබදයක් දකින්න ලැබුනේ Wikipedia තුලයි. ඔහුගේ මරණය සඳහන් කරමින් මයිකල්ගේ පේජය සංස්කරණය කිරීමට පැමිණි අතිවිශාල රසික පිරිස නිසා විකිපීඩියාවද තාවකාලිකව ඇණ හිටියා. මුලින්ම ප්‍රවෘත්තිය විකාශය කල Los Angeles time සහ AOL සේවා ඇණහිටි අතර එකල බොහෝසෙයින් ජනප්‍රියව තිබූ AIM චැටි සේවාවද තාවකාලිකව බිඳවැටුනා. මුලු අන්තර්ජාලයේම Trending topics දහයෙන් නවයක්ම මයිකල් ජැක්සන් ආශ්‍රිත කරුණුවුනා. 




අද ලංකාවේ සිටින ෆේස්බුක් ගිණුම් වලින් 70% ක්වත් 2009 වනවිට නිර්මාණය වී නොතිබූ ඒවා නිසාද මන්දා ⁣ලංකාවේ ෆේස්බුකියේ මේගැන වැඩි දෙයක් පලවුනේ නෑ. එ්ත් ලංකාවේ ඒ කාලේ රැල්ල හදන ප්‍රධානම තැන ලහි ලහියේ වැඩ පටන් අරන් තිබුනා. සිකුරාදා හවස වෙනකොටත් පිටකොටුවේ සියලුම CD සහ DVD හල් සියල්ලම පිරුණේ මයිකල්ගේ ගීත තැටිවලින්. සියලුම වෙළඳසැල් වල වාදනය වුනේ ඔහුගේ ගීත. මේ සටහන දමන මමත් එදා හවස පුත්තලමෙ ඉඳල කොටුව හරහා ගෙදර යන ගමන් DVD දෙකක් මිලදීගත්ත නිසා මේ සියල්ල හොඳින් මතකයේ සටහනක් වී තිබෙනවා. 

මයිකල් ජැක්සන් අද මියගියානම් ලංකාවේ ෆේස්බුක්ද මදකට නතරවනවා නොඅනුමානයි.

2 comments:

  1. සහතික ඇත්ත.. මාත් දෙදාස් නමයෙදි වෙන ලෝකෙක උන්ගෙ

    ReplyDelete
  2. ඇත්තම කිවුවොත් මටත් ඔය ජැක්සන් පිස්සුව හැදිල අවුරුද්දක් විතර තිබුනා
    ජිවිතේ පලවෙනි Breakup එක උනාට පස්සේ අයෙත් සසුන්ගත උනා වගේ උනා

    ReplyDelete