සූකිරිගේ හොණ්ඩා බයික් එක


සූකිරි කියන්නෙ මම හිටපු සේවාස්ථානයේ කාර්මික අංශයට අලුතෙන් ආපු ගෝලයෙක්. මෙයාලා කාර්මික විදුහල් වලින් පිටවුනාම එක එක තැන්වල පුහුණුවට දාන එක ඒ පාඨමාලවල කොටසක්. ඉතින් මේ කාර්මික අංශයට එන කොල්ලො සාමාන්‍යෙන් ඉස්කෝල කාලෙ ඉදලම වල බැහැලා නසරාණි වැඩ ඔක්කොම කරලා ටෙක් වලත් හොදටම පදම් වෙලා එන කට්ට කාපු පොරවල්. ඒත් මේ සූකිරිට ඒ නම වැටුනෙත් මිනිහගෙ තියෙන සුකුමාර ලඳ බොළඳ ගති ගුණ නිසා. කෙසඟ සිරුරත්, ලපටි බැල්මත්, සියුමැලි හඬත් නිසා අනෙක් මිකැනික්ලා ටික දවසක් යද්දිම පොර ගැන ටිකක් අවධානයෙන් හිටියා. සාමාන්‍යෙන් අලුත් ගෝලයෙක් එනවා කියන්නෙ සීනියර් මිකැනික්ලට ටික කාලයක් යනකම් විවේක වෙලාවට ඌව මඩවලා ෆන් එකක් ගන්න ලැබෙන අවස්ථාවක්. ගෝලයන්ගෙන් ආතල් ගැනීම ගොඩක් වැඩපලවල වෙන දෙයක් ආපු අලුතම. 
නිකන් ඉන්න වෙලාවට සූකිරි එක්ක කියවන එක තමයි ගොඩක් මිකැනික්ලගෙ විනෝදාංශය වුනේ. මේවගේ එක දවසක් සූකිරි ඩ්‍රයිවින් ලයිශන් අරගෙන ඒක ගැන පම්පෝරියක් හල හල හිටියෙ. මිනිහ කැටයම් දාලා වාහනෙන් ට්‍රයල් පෙන්නපු හැටි, අනිත් එවුන් ෆේල් වෙද්දි මිනිහා සුපිරියටම රිවර්ස් එක ගහපු හැටි එහෙම කියව කියව ඉන්න අතරෙ එක මිකැනික් කෙනෙක් ඇහුවා " උඹ දැන් ලයිසන් ගත්තනම් කියපන් බලන්න වාහනේකට නගිද්දි මුලින්ම ඇතුලට දාන්නෙ මොන කකුලද කියලා .. ? 
මේ අහපු අණ්ඩර දෙමලෙන් සූකිරියා එක පාරම හොල්මන් වෙලා ගියා. වමද දකුණද ..කිය කිය එක එක විදියට පොර දැන් හිතනවා. බැරිම තැන පොර ලඟ තිබුන ෆෝර්ක් ලිෆ්ට් එකකට නැගලා තමයි පැත්ත හොයාගත්තෙ. එහෙම නැගලා ඇවිත් පොර කියනවා දකුණු කකුල තමයි. මමත් ඕක දැනගෙන හිටියෙ ඒත් හරියටම දැනගන්න තමයි නැගලා බැලුවෙ කියලා. දැන් මේක බලන උඹලටත් අවුල් ඇති කොහොමද දකුණ වුනේ කියලා .. ඇත්තටම ෆෝක් ලිෆ්ට් එකක දෙපැත්තෙන්ම ඩ්‍රයිවින් ශීට් එකට නගින්න පුලුවන් . මේකා නැගලා තියෙන්නෙ ෆෝක් ලිෆ්ට් වම් පැත්තෙන් 

මේ වගේ රස කතා ගොඩක් තියෙනවා පොර ගැන. හිල්ටි ඩ්‍රිල් එකක කටුව ගලවගන්න බැරුව අනිත් මිකැනික්ලා මූට කියලා ඩ්‍රිල් එකට වන්දවපු එකත් තව ඒ වගේ සිදුවීමක්. ඩ්‍රිල් එකට වැන්දෙ නැත්නම් කටුව ගැලවෙන්නෙ නෑ කියල පොරට ඒත්තුගන්වන්න පුලුවන් තරම් නසරාණි එවුන් තමයි හිටියෙ. තවත් දවසක මිකැනික් කෙනෙක් ජිම්කානා ඔයිල් ගෙන්න කියලා සූකිරි ස්ටෝස් යවලා එහෙන් ආයෙ හරවලා එවලා එහෙම එකක් නෑ කියලා. ඊට පස්සෙ පොර මම ලඟට ඇවිත් ජිම්කානා ඔයිල් කියලා එකක් තියෙනවද කියලා ඇහුවා. මමත් ඉතින් අපේ ගෝලයොන්ගෙ වැඩ දන්න නිසා පොරට ගූගල් සර්ච් එකක් දාලා බලන්න කියලා පිටත් කරලා යැව්වා.
දැන් ඔහොම කාලයක් යද්දි සූකිරිට ලයිශන් එහෙමත් තියෙන නිසා බයික් එකක් ගන්න ඕන වෙලා ඔය ගැන තවත් මිකැනික් කෙනෙකුගෙන් අහලා. මිනිහ ටිකක් කල්පනා කරලා කියලා පොරගෙ බයික් එකත් විකුණන්න ඉන්නෙ කියලා. මේ මිකැනික් වැඩපලට ලඟ ගෙදරක ඉදන් පයින් වැඩට එන පොරක්. පොර දැන් සූකිරිට බයික් එකේ වැඩ කෑලි කොලිටිය ගැන එහෙම ලොකු ටෝක් ටිකක් දෙනවා සූකිරි වෑහෙන්න. මෙහෙම කියලා හරියන්නෙ නෑ බයික් එක බලන්නම ඕන සුපිරි ජපන් භාණ්ඩයක් කියලා හොන්ඩා මොඩ්ල් එකක නමත් කියලා. දැන් ඕක සූකිරි වැඩපලේ හැමෝටම කියලා ගන්න යන බයික් එක ගැන. බයික් එක ගැන අහන ඔක්කොම සූකිරියා තව උනන්දු කරවලා ටෝක් දෙනවා ඒකනම් සුපිරිම මොඩ්ල් එකක් ඉක්මණටම ගනින් වෙන එකෙක් ගෙනියන්න කලින් කියලා . දැන් කොහොමහරි දවස් දෙක තුනක් යද්දි මුලු වැඩපලම දන්නවා සූකිරි ගන්න යන බයික් එක ගැන. ඉතින් නිවාඩු දවසක නමෝ විත්තියෙන් සූකිරි අර මිකැනික්ගෙ ගෙදරට බයික් එක බලන්න ගියේ බලාපොරොත්තු දහසක් එක්ක තව මිකැනික්ලා දෙතුන් දෙනෙකුත් එක්කගෙන. ගෙදර දොර ගාවදිම ඇතුල් වෙන්න කලින්ම සූකිරි හයියෙන් කතා කරලා කියනවලු 
" අයියේ මම අර බයික් එක බලන්න ආවෙ, හොණ්ඩා එක " කියලා
ටික වෙලාවකින් දොරෙන් මතුවුන බයික් එකේ අයිතිකාර මිකැනික් 
ආහ් ..උඹ ආවද ... ඔන්න එහෙනම් බලාගනිංකෝ .. කියලා සරම උස්සලා හොදට වනලා පෙන්නුවලු. 😂😂😂

දැන් වටේ හිටපු එවුනුත් හොදට හූ කියනවලු .. සූකිරියට තාමත් හිතාගන්න බැරිලු මොකද වුනේ කියලා. ටික වෙලාවක් ගියාම තමයි පොරට මීටර් වුනේ බයික් මොඩ්ල් එක. " හොන්ඩා ජුලෝනා" කියලා 😆😆
ඔහොම අවුරුද්දක් හිටපු සූකිරි දැන් වාහන සර්විස් සෙන්ටර් එකක සුපර්වයිසර් කෙනෙක්.

No comments