Orange කියන්නෙ පාටක්ද ? නැත්නම් පලතුරක්ද ?


Orange කියන නම පාට නිසා ගෙඩිය හැඳින්වීමට යොදා ගත් බව ප්‍රචලිත මතයක්. නමුත් ඇත්තටම ඕක වෙලා තියෙන්නෙ අනිත් පැත්ත. දොඩම් මූලිකවම වැවුනේ උතුරු ඉන්දියාවේ සහ චීනය වගේ නැගෙනහිර ආසියාව පැත්තෙ. මේවා යුරෝපයට ආවෙ යුරෝපියන්ගේ දේශ ගවේශනයන්හි අතුරු ප්‍රතිඵලයක් හැටියට.




මේ ඔරේන්ජ් කියන වචනයට අඩිතාලම වැටෙන්නේ සංස්කෘත භාෂාවෙන් මේ පලතුර හඳුන්වපු "Naranga" නැත්නම් නාරංගා කියන වචනයෙන්. මේක පර්සියාවට යද්දි nārang ලෙසත් අරාබියට යද්දි nāranj ලෙසත් වෙනස් වුනා. එතකොට මේක ඉංග්‍රීසියට එන්නෙ ප්‍රංශ භාෂාව හරහා. එයාල කිව්වෙ d'orenge කියලා . ඉතින් ඒ විදියට ඔරේන්ජ් බවට ඉංග්‍රීසියෙදි හැඳින්වුනා.


ඉතින් මේ පළතුරේ පාටට හරියන නමක් ඒ වෙනකම් ඉංග්‍රීසියේ තිබුනේ නෑ. බොහෝ විට මේ වර්ණය හැඳින්වුනේ කහ පාටට හුරු රතු පැහැය විදියටයි. මේ විදියට තැඹිලි පාටට ඔරේන්ජ් කියලා භාවිතා වීම මුලින්ම හම්බවෙන්නෙ 1512 තරම් මෑතකදියි.

දැන් එතකොට සිංහල භාෂාවෙදි ඕක හැදුනෙ කොහොමද ? මුලින්ම ආවෙ තැඹිලි ගෙඩියද නැත්නම් තැඹිලි පාටද ? පාට නිසා ගෙඩියට නම වැටුනද .. ගෙඩිය නිසා පාටට නම වැටුනද ?
දන්න කෙනෙක් කියන්න බලන්න.



2 comments: