ලෝක ඉතිහාසයේ සිදුවූ අපූර්වතම අනපේක්ෂිත සිදුවීම් කිහිපයක්


1. වෙස්වලාගත් ජර්මානු නෞකාව

පළමු ලෝක යුද්ධය අතර තුරදී ජර්මානුවන් ඔවුන්ගේ SMS Cap Trafalgar නැමති නෞකාව බ්‍රිතාන්‍යයේ RMS Carmania නෞකාව ලෙස වෙස් ගැන්වීමට කටයුතු කරනවා. කොහෙම වුනත් බ්‍රසීල වෙරළ ආශ්‍රිතව ට්‍රිනිඩෑඩ් දුපත අසල යාත්‍රා කරමින් සිටි මෙම වෙස්වලාගත් නෞකාවට දෛවෝපසහගත ලෙස පළමුවරටම මුණ ගැසෙන්නේ බ්‍රිතාන්‍යයේ RMS Carmania නෞකාවයි. එහි කපිතාන් වූ නොයෙල් ග්‍රාන්ට් එක්වරම මෙම උගුල තේරුම් ගෙන ජර්මානුවන්ට ප්‍රහාරයක් දියත් කරනවා. අවසානයේ ජර්මානු නෞකාව ගිලී යනවා.



2. අධිරාජ්‍යයෙකුගේ කෝපයට ලක්වූ දූපත.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට පර්සියාව සමග යුධ වදින සමයේදී මධ්‍යදරණී මුහුදේ Tyre නැමති දූපතේ පිහිටි දේවස්ථානයක පුද පූජා පැවත්වීමට අභිප්‍රායක් තිබුනේය. නමුත් මෙම දූපතේ පාලකයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙම යුද්ධයේදී ඔවුන් ස්වාධීනව සිටීමට අදහස් කරගෙන සිටින බවත්, ඇලෙක්සැන්ඩර් රජුට එහි පුද පූජා පැවැත්වීමට අවස්ථාව ලබා දුනහොත් පර්සියානුවන් එය Tyre දූපත ඇලෙක්සැන්ඩර්ගේ පාර්ශවයට සහය දීමක් ලෙස තේරුම් ගත හැකි බවත්ය. අවශ්‍යනම් ගොඩබිම පිහිටි Old Tyre නම් දේවස්ථානය වන්දනා කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවද දැනුම් දුන්නේය.
මෙය තමන්ට සිදු කල අගෞරවයක්, සහ යුධ ප්‍රකාශ කිරීමක් ලෙස තේරුම්ගත් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා Old Tyre ආක්‍රමණය කල අතර ඉන්පසු මාස හයක් තිස්සේ එහි සිට Tyre දූපත වෙත පාළමක් ගොඩනැගුවේය. මේ සඳහා Old Tyre හි සුන්බුන් අතර තිබූ ලී දඬු සහ ගල් යොදාගත්තා. Tyre වෙත ලාඟාවූ පසු බහුතරයක් ජනයා කුරුසයන්හි තබා මරණයට පත්කල අතර ඉතුරු වූවන් වහලුන් ලෙස විකුණා දැමීය.
Tyre මේ නිසා අද වන විට අර්ධද්වීපයක් වන අතර දූපතක ස්වරූපයක් නොමැතිව ප්‍රධාන ගොඩබිමටම සම්බන්ධව තිබෙනවා.

එදා සහ අද

3. රජු සහ වස



සය වන Mithridates යනු Pontus නම් පුරාණ රාජධානියේ සි⁣ටි පාලකයායි. ඔහු ජීවිත කාලය පුරාම තමන්ව ඝාතනය කිරීමට කවරෙකුහෝ වස ලබාදෙනු ඇති බවට බියකින් පසුවූයේය. මෙයින් ගැලවීම පිණිස ඔහු දිනපතාම ඉතා කුඩා ප්‍රමාණයක විෂ වර්ගයක් පානය කරමින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගනිමින් සිටියේය. පසු කාලයකදී ඔහුගේ රාජධානිය රෝමානූ ආක්‍රමණයට ලක්වූයේය.
මෙවැනි ආක්‍රමණ වලදී අල්වාගන්නා රජවරුන් වහලුන් ලෙස සේවයට ගැනීම රෝමානුවන්ගේ සිරිතයි. වහලෙකු වීමට වඩා මියයෑම තෝරාගැනීම වඩා ගෞරවාන්විත බව තේරුම්ගත් Mithridates වස පානය කර දිවි නසාගැනීමට තැත් කලේය. නමුත් අවාසානාවන්ත ලෙස ශරීරයේ තිබූ ප්‍රතිශක්තිය නිසා ඔහු මිය නොගියේය.

4. Kamikaze


කුබ්ලයි ඛාන් යනු මොංගෝලියානු අධිරාජ්‍යයේ සිටි ඉතා ප්‍රබල දැඩි පාලකයෙකි. සමස්ත චීනයම යටත් කරගැනීමෙන් පසු ඔහුගේ ඉලක්කය යොමුවී තිබුනේ ජපානය දෙසටයි. විශාල නාවික බලයක් සමගින් 1274 වසරේදී ජපානය වෙත ඇදුනු ඔහුගේ පලමු සෙබල පිරිස ජපාන සමුරායි වරුන්ගෙන් පරාජය ලැබුවා. මේ හේතුවෙන් චීනය වෙත ලඟා වී ⁣ප්‍රබල හමුදාවක් සංවිධානය කර නැවත පැමිණීමේ අරමුණින් පසුබසිමින් සිටි ඔවුන්ගේ නෞකාවන් අවාසනාවන්ත ලෙස ප්‍රබල කුණාටුවකට හසුව ගිලි ⁣ගියේය.
පසුබැසි කුබ්ලයි ඛාන්ට නැවත ජපාන⁣ය වෙත ලඟාවීමට ලැබුනේ 1281 වසරේදිය. ඔහු මෙවර පැමිණියේ ලෝක ඉතිහාසයේ අදටත් වාර්ථා වන දෙවැනියට විශාලතම නාවික බළ ඇණිය සමගය. නෞකා 4400ක්, සෙබලුන් එක් ලක්ෂ හතලිස් දෙදාහක් මෙයට අයත්වුනා. මෙම සංඛ්‍යාවන් සම්බන්ධව ඉතිහාසඥයන් අතර සැකයක් නැතුවාද නොවේ. කෙසේ වුවත් සාර්ථක ප්‍රහාර කිහිපයක් සමගින් ජපාන වෙරල වටා සැරිසැරමින් සිටි මෙම නාවික බළ ඇණියට දෛවෝපගත ලෙස නැවතත් අවාසනාව රැගෙන ආවේ තවත් ප්‍රබල කුණාටුවකි. නෞකා කැඩී බිඳී ගොස් ලක්ෂයකට අධික සෙබලුන් පිරිසකට මරණය හිමිවූයේය. ඔවුන්ගේ ආක්‍රමණය එයින් අවසන් වූයේය.
ජපාන සංස්කෘතිය තුල හමුවන Kamikaze යන වදන ප්‍රචලිත වූයේ මෙම සිදුවීම සමගයි. Kamikaze යන්නෙහි අර්ථය දේව මේඝය යන්නයි.

5 සීසර්ගේ විහිළුව



තරුණ ජුලියස් සීසර් ඒගන් මුහුදේ යාත්‍රා කරමින් සිටියදී සිසිලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවිය. සීසර් යනු ප්‍රභූ පවුලක සාමාජිකයෙක් බව නොදත් කොල්ලකරුවන් රිදී ටැලන්ට් 20ක කප්පමක් ඉල්ලා සිටියේය. තමාට නියමිත වූ මේ කුඩා ලංසුව අවමානයක් ලෙස සැලකූ සීසර් අවම වශයෙන් රිදී ටැලන්⁣ට් 50ක්වත් ඉල්ලා සිටින ලෙස කොල්ලකරුවන් පුදුමයට පත් කරමින් කියා සිටියේය.
මෙම කප්පම් මුදල ලැබෙන තුරු සීසර් කොල්ලකරුවන් සමග මිතුරුව සල්ලාපයේ යෙදීසිටියේ ඔවුන්ගේම සාමාජිකයෙකු ආකාරයෙන්ය. මේ ආකාරයට කතාබස් කරමින් සිටින අතර තුර තමා නිදහස් කිරීමෙන් පසු කොල්ලකරුවන්වන ඔවුන් සියලු දෙනාම ⁣නැවත සොයා පැමිණ මරා දමන බවටද ඔහු විහිළුවක ස්වරූපයන් කියා සිටියේය. මෙයද සැහැල්ලු ලෙස බාරගත් කොල්ල කරුවන් කප්පම් මුදල සීසර්ගේ සේවකයන්ගෙන් ලබාගෙන ඔහු නිදහස් කලේය.
සීසර් නැවත පැමිණ කොල්ලකරුවන් අල්ලාගෙන ඝාතනය කරන තුරුම ඔවුන් සිතා සිටියේ එය විහිළුවක්ම පමණක් කියාය.
Listverse ආශ්‍රයෙනි.

No comments