බාර් වර්ජනය



එක්තරා සැන්දෑවක මත්පැන්හලක අඳුරු මුල්ලක ගල් අරක්කු බෝතලයක් වටා ඈඳි ගත් මිනිසුන් තිදෙනෙක් විය. හැමදාම සවසට මෙහි පියමනින ඔවුන් වැනිම තවත් පුද්ගලයන් කිහිපදෙනෙක්ම තැන තැන තිබු අනෙක් මේස වටා අසුන්ගෙන සිටියහ. එක් එක් අයගේ වැඩපොළවල් ගැන විස්තර වලින් ආරම්භවී, සාහිත්‍යය, ගීත කලාව හා ගැහැණු ගැන සවාදයෙන් අනතුරුව අවසානයට නවතින දේශපාලන මාතෘකාව කරා ලඟාවීමට බෝතලයේතුන්කාලක් වැය කිරීමට ඔවුන්ට සිදුවී තිබුනි. තිදෙනාම එකම රාජ්‍යය ආයතනයක පුටු රත්කරන්නන් වූ බැවින් මේ දිනවල උණුසුම්ම මාතෘකාව වන මනරංජන වැඩවර්ජන පිළිබඳ  ඔවුන්ගේ කතාබහ ඇදී ගියේය. 

කුමාර : වැඩවර්ජනයක් කරනවනම් ආණ්ඩුව ෆ්ලැට් වෙලා යන්නම කරන්න ඕන, නැත්නම් ඕකුන් ගනන් ගන්නෙම නෑ.
චතුර : එහෙම කරත් වැඩක් නෑ නේ, දැන් බලපන් එදා පෙට්‍රෝලියම් එක නිකන්ම පුස්සක් වුනානේ. ආමි කාරයො දාලා තෙල් බෙදන්න ගත්තනේ

කුමාර : ඒවා බන් අපේම එවුන්ගෙ වැරදිනේ ඔක්කොමල්ල එකා වගේ හිටියනම් ආමි එකට ඇතුලටවත් එන්න වෙන්නෙ නෑනේ එදා. 
චතුර  : ඒ වුනාට බන් දැන් ඔය වැඩවර්ජන ඉස්සර වගේ ආණ්ඩුවට දැනෙන්නෙ නෑ බන්. බලපන් ඉස්සර සී.ඊ.බී එක වර්ජනය පටන් ගන්නෙම කරන්ට් එක කපලා දාලා. ඒත් ඊයෙ පෙරේදා උන් වර්ජනය කරා. ඒක උන්ගෙ ගෙදර උන්දැලවත් දන්නවද දන්නෙ නෑ.

කුමාර : එහෙම තමයි ඉතින් දැන් ඉස්සර වගේ ආණ්ඩු වට්ටන්න ලේසි නෑ ඕවගෙන්
චතුර  : හ්ම්ම් හ්ම්ම් ...

බණ්ඩාර : අපෝ ආණ්ඩු වට්ටන එක ගේමක් නෑ හරිහමන් වැඩක් ප්ලෑන් කලොත්. දැන් බලපන් මේ ආණ්ඩු තනිකරම දුවන්නෙ අපි බොන නිසා. ඒකෙන් එන බද්දෙන්.
කුමාර: දැන් උඹ කියන්නෙ අපි නොබී හිටියම ආණ්ඩුව වැටෙයි කියලද ?

බණ්ඩාර : ඔව් .. හැබැයි අපි විතරක් නොබී ඉඳල බෑ. ඔක්කොමල්ලා නොබී ඉන්න ඕනා.
චතුර : හහ්හ් හාහා ..  එහෙනම් ඉතින් සමස්ථ ලංකා බේබද්දන්ගෙ සංගමය වගේ එකක් හදන්න වෙයි

බණ්ඩාර : ඔව් ඉතින් ... ඔය ෆේස්බුක් ගෲප් එකක් හැදුවත් ඕක ඕගනයිස් කරන්න බැරිකමක් නෑ, කොහොමද මාසයක් ලංකාවම නොබී හිටියොත් ආණ්ඩුවට හොදි නෑ නේද . අනේ බීපල්ලා කියලා ටීවී එකේ ඇඩ් හිටං දාවි ඕකුන්.  
චතුර  : අමාරුවෙන් හරි නොබී හිටියොත්නම් ආණ්ඩුවම සරෙන්ඩර් තමා ඉතිං. ඕකුන් ණය ගෙවාගන්න බැරුවම දාලා යනවා.

කුමාර: පට්ට සීන් එක නේ .. සිරාවට ඔහොම එකක් කලොත් නම් මුන්ට ආණ්ඩුව දාලා යනන් තමයි වෙන්නෙ. 
චතුර  : දැන් එතකොට මාසෙ අන්තිමට ආණ්ඩුව පෙරලුනාට පස්සෙ මොකද වෙන්නෙ ....

බණ්ඩාර: මොනව වෙන්නද අපේ සටන ජයගන්නවා. .. වර්ජනයක් නිසා ලංකාවෙ ආණ්ඩුවක් පෙරලෙන පලවෙනි වතාව තමයි එදා

කුමාර. අඩෝ ...ඒකනම් පට්ට වැඩේ ..  හෙට අනිද්දම ප්ලෑන් කරන්න ඕන වැඩේ. මොකද කියන්නෙ අනිද්ද දිහාවට සෙට් වෙමුද මෙතනම ඕක ගැන කතා කරන්න. දැන් වෙලාව මදි බන්. 
චතුර  : ඔව් ඔව්. .. ඉක්මනටම වැඩේ පටන්ගන්න ඕන. ෆේස්බුක් පබ්ලිසිටියක් දීල ගත්තනම් වැඩේ නැගලා යනවා .. ඔය ඕන ලබ්බක් කරේ තියාගෙන ඇදගෙන යන එවුන් සෙට් එකක් ඉන්නවා ෆේස්බුකියෙ. 

බණ්ඩාර: මේක සාර්ථක වුනොත් ඔය සංගමේ ඔක්කොම එක්ක මහා සබා රැස්වීමක් තියන්න ඕන අපේ ජයග්‍රහණය සමරන්න.

කුමාර : අනිවා .. .එදාට ගහනවා කරටි කැඩෙන්න..   

3 comments:

  1. කවුරු මොනවා වර්ජනය කරත් දැනෙන අය අද කාලේ ඇති කියලා හිතන්න බැහැ නෙහ් ?

    ReplyDelete
  2. හරි.. මාත් උපරිම සහයෝගය දෙනවා. මේ මේ උඹ කාගේ හරි ක්‍රමන්ත්‍රණයක් බලෙන් අපේ ඇගේ ගහනවා නෙමෙයි නේද?? හැක්

    ReplyDelete
  3. මෙක follow කරන්නෙ කොහොමද බන්

    ReplyDelete