ඕපපාතික


ස්ථානය මඩාටුගම කණිටු විදුහල
10 A පංතිය
කාලච්ඡේදය : බුද්ධාගම

චාමර නැගිටින්න ... ඔය පාඩමේ මුල් ඡේදය කියවන්න. ...
එහෙමයි හාමුදුරුවනේ ,
"බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් ආකාරයට උප්පත්ති සතර ආකාරයක් දැක්වෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික,
බිත්තරවලින් උපදින සත්ත්වයන් අණ්ඩජ ලෙස සැලකේ.  මවුකුසින් බිහිවෙන ක්ෂිරපායි සත්ත්වයෝ ජලාබුජ ලෙසද, අකුසල හේතුවෙන් තෙත් ඇති කුණු කසල ආදියෙන් උපදින්න්න් සංසේදජ, කුසල හේතුවෙන් නෙළුම් මල් ආදියේ පහළවෙන සමහර මනුස්සයනුත් සංසේදජ ආකාරයට ඇතුලත් කල හැකිය.
සකලාංග සම්පූර්ණව දිව්‍ය ලෝකවල දෙවිවරු, බ‍්‍රහ්මයො, නරකාදියෙ නිරිසත්තු, පෙ‍්‍ර්තයෝ, අසුර ලොව අසුරයන් වැනි අය ඕපපාතිකව පහළවන්නන්
ලෙස සැලකේ"

දැන් ඔය ලමයින්ට පැහැදිලිද ඒ ඡේදයෙන් අදහස් කරපු දේ ?  ජීවින් බිහිවිය හැකි සතර ආකාරය තමයි ඒකෙන් අදහස් උනේ. 
මට දැන් දාන වේලාවට පරක්කුවෙන නිසා  සෞඛ්‍යය උගන්නන මිස්ට කලින් එන්න කියලා කිව්වා තව ටිකකින් එතුමිය එනකන් ඔය ලමයි පාඩම බලාගත්තනම් හොඳයි, සද්ද නොකර ..

කාලච්ඡේදය : සෞඛ්‍යය

කොතනද ලමයි අපි ගිය සතියෙ නැවැත්තුවෙ ? පොත පෙරලල බලන්න ටිකක් ..
මිස් ... අද තියෙන්නෙ ප්‍රජනනය.  ඉතා උද්ය්ගයෙන් චාමර කියන්නට විය.

ආහ් .... හ්ම්ම් ... එහෙමද .... අද මට ටිකක් හිසරදයකුත් තියෙනවා ලමයි. ඒක නිසා ඔයාලා ටිකක් පාඩම කියවගන්නකො. කියවල ඉවර වෙලා මොනව හරි ප්‍රශ්ණ තිබුනොත් අහන්න.

ගුරුතුමිය වාඩිවී පුටු ඇන්දට හේත්තුවී ඇස් පියාගන්නට විය. සිසුහු එකිනෙකා දෙස සිනහ වෙමින් ඇඹරෙමින් ඔවුන් දැනට සියවරකට වඩා කියවා ඇති පාඩම කියවන්නට විය. සමහරු මෙම පාඩම කියවා තිබුනේ අච්චු පොත් ලැබුණු පළමු දිනයේදිමය. තවත් සමහරු කලින් වසරේදීම අයියාලෙගෙන් ඉල්ලා ගෙන මෙය කියවා තිබුනි. ශිෂ්‍යායාවියන් රොබෝවරු මෙන් කිසිදු හැඟීමක් එලියට නොපෙන්වා පාඩම කියැවීමට වග බලාගත්තාය. සමහර කොල්ලන් ශිෂ්‍යයාවියන් දෙස හොරැහින් බලමින් ඔවුන්ගේ මුහුණේ වෙනස්වීම් අධ්‍යයනය කරමින් සිටියේය.

ආ ..දැන් ඇති ...ඔය ලමයින්ට මොනව හරි ප්‍රශ්ණයක් තියෙනවද ?
මීයට පිම්බාක් මෙන් පංතියම නිසොල්මන්ව සිටින අතර චාමර හඩනගන්නට විය.

 - ටීචර් එතකොට මේකෙ තියෙන විදියට .. ස්ස්.. සංසර්ගයක් වෙන්නෙ නැතුව ලමයි ලැබෙන්නෙ නැද්ද ?
වටේ පිටේ ලමෝ අතරින් උපහාසාත්මක සිනා හඬ ඇසෙන්නට විය.
 - ඔව් ..සංසර්ගයක් වෙන්නෙ නැතුව කොහොමද ලමයි ලැබෙන්නෙ...  ඕක හරියට කියෙව්වනම් කළලයක් හටගන්න හේතුවන සාධක දැන්ගන්න පුලුවන්. 
 - එතකොට ටීචර් හාමුදුරුවො අපිට කලින් පීරියඩ් එකේ ඉගැන්වුවානේ ඕපපාතිකව ජීවින් බිහිවෙනවා කියලා. 
- ඒ ලමයෝ දිව්‍යය ලෝකයේ හරි අපායෙ හරි ඇතිවන ජීවින් ගැන නේ කතා කරන්නෙ. 

- හරි මිස් දැන් තමයි තේරුණේ ... අර සඳමාලි වමනෙ දාපු වෙලාවෙ ප්‍රින්සිපල් මිස් හිතන්නත් ඇති දිව්‍යය කුමාරයෙක් පහල වෙන්න යනව කියල.  



9 comments:

  1. ඇත්තටම චාමරගේ ප්‍රශ්නේ හරි නේද? තවමත් ලනක්වේ ඔය ප්‍රජනන පාඩම උගන්වන්නේ නැත්ද? දැන්නම් උගන්වනවා ඇති. අන්තර්ජාලයත් තියනවනේ

    ReplyDelete
  2. අපේ කාලෙත් ඔය පාඩම පොතේ තිබුනා. ඒකාලෙත් හරියට ඉගැන්නුවේ නෑ දැනුත් නෑ. එහෙම කියලා ප‍්‍රජනනේ නැතිවුනේ නෑ. පාඩම කෙරුනේ නැතත් අපේ උන් හරි අපුරුවට ඔය දරුමල්ලෝ එහෙම හදාගෙන ඉන්නේ..

    ReplyDelete
  3. වෙන ටෙම්පලේට් එකක් දාපියෝ

    ReplyDelete