අමද්‍යප සීයා

ඔන්න ලඟදි දවසක ලෝක අමද්‍යයප දිනය නිමිත්තෙන් පත්තරේට ආර්ටිකල් එකක් ලියන්න බාර කෙරුණලු අපේ හිතමිත්‍ර නලීන් මාධ්‍යයවේදී තුමාට. නා නා විධ කැටයම් දාලා ලියන්න පුරුදුවෙච්ච නලීන් තුමාට මේක නිකම් බෝරින්ග් පගේ වැඩක් කියල හිතුනලු. මොකද ඕව හැමදාම ලියන්නෙ එකම ස්ටයිල් එකටනේ. දුම්පානය සිරුරට අහිතකරයි, මත්පැන් ලිංගික අප්‍රාණිකත්වය ඇති කරයි වගේ එකම වාක්‍යය ටිකක්නේ රෝල කැරකෙන්නෙ. මේ ගැන හිත හිත ඉන්න කොටම හැමදාම ඕපදූප ගේන අපේ ප්‍රියන්ත උතුමාණන් අපූරු හෝඩුවාවක් ගෙනාවලු එතුමගෙ ගම් පලාත කිට්ටුව කොරළවැල්ලෙ ඉන්න සුපිරි ඩයල් එකක් ගැන. මිනිහගෙ වයස අවුරුදු 105ක් ලු, ආරංචියෙ හැටියට අරක්කු පොදක් ජීවිතේට කටේ තියල නැතිලු. නලීන්ටත් හිතුනලු හැමදාම එකම විදියට ලියලා බෑ මේ වගේ ප්‍රායෝගික ප්‍රතිඵල සහිත රසවත් ලිපියක් ලියල බොසාගෙන් මෙදා පාරත් බෝනස් එකට ලකුණු ටිකක් දාගන්න. කොහොමෙන් කොහොම හරි ප්‍රියන්තත් පෙරටුකරගෙන දවසක් එහෙම දාගෙන උදේම දෙන්න පිටත් උනාලු. 
ආරංචියෙ හැටියට හොයාගෙන ගියාම මේක මූද අයිනට වෙන්න තියෙන පොඩි පහේ ගෙදරක්ලු. ගෙදර උන්දැල එහෙම අදුනගෙන ඔන්න අර කිව්ව ජ්‍යේයේෂ්ඨ පුරවැසියා හම්බ උනාලු. පොරත් ඉතින් බැරි බැරි ගාතෙ යන්තම් මිනිබිරියො දෙන්නෙක්ගෙ වාරුවෙන් හැරමිටියකුත් කිහිල්ලෙ ගහගෙන කැහ්..කැහ් ..ගාගෙන ප්ලාස්ටික් පුටුවක ඈදි ගත්තලු. ඒ අස්සෙ කුස්සිය පැත්තෙන් කවුද කෑගහන සද්දෙකුත් එනවලු. කොහොමින් හරි අපේ නලීන් උතුමාණන් සංවාද ය මේ විදියට පටන් ගත්තලු.

නලීන් : මාමේ දැන් කියන්න බලන්න ඔබතුමාට වයස කීයක් විතර ඇද්ද ?
- හරියටම නිච්චියක් නෑ මහත්තයො මම ඔය අපේ උන්දැ කැන්දන් ආවෙ 1915 මරක්කල කෝලහල කාලෙ නෙව. කැහ් ..කැහ් ..
නලීන් : ඒ කියන්නෙ දැන් සෑහෙන වයසක්නෙ, ඇත්තටම මාමෙ මෙච්චර කාලයක් ජීවත් වෙන්න ඔබතුමා අනුගමනය කරපු දේවල් මොනවද ?
- අනේ මන්දා කොල්ලො, මම හිතන්නෙ ඔය අරක්කු සිගරට් කටේ තියන්නෙ නැති නිසා තමයි මම හිතන්නෙ. සුරුට්ටුවක්වත් බීලා නෑ කොටින්ම. කැහ් .. කැහ් ..
අර කුස්සිය පැත්තෙන් එන සද්දෙ ටික ටික වැඩිවෙනවලු. ප්‍රියන්තය කුස්සියට එබි එබී බලනවලු කෑල්ලක්වත් ඉන්නවද කියලා.
නලීන් : එතකොට මාමේ මස් මාලු එහෙම කනවද ?
- අපේ අප්පුච්චල ධීවරයො උනාට මොකද පුතේ මමනම් ඔය මල ජරාව කවදාවත් කාලා නෑ, මළකුණු කැවම අපිත් මළකුණුවගේ වෙනවා. කැහ් ..කැහ් ..

නලීන්ට නිකන් ඉහේ මල් පිපුන වගේලු. ආර්ටිකල් එකට නියම කෑලි ටිකක් තමයි වයසක උන්දැත් දීල අරින්නෙ. ඔය අතරෙ ප්‍රියන්තයා අර මිනිබිරියෙක්ට ලයින් දානවලු. කොහොම උනත් වයසක උන්දැට කෙලින් ඉන්න බැරි තරමට අමාරු වගේ නිසා දඩ බඩ ගාලා නලීන් උන්දැ වැඩේ හමාර කලා. ඔය අතරෙ කුස්සියෙන් ආයෙමත් අර සද්දෙ එනවලු. බැණ ගන්නව වගේ අමු කුණුහරුප වැලක් ආවලු. නලීන්ටත් බලන් ඉන්න බැරි කුතුහලය නිසාම එන්න හැරිලත් අර වයසක උන්දැගෙන් ඇහුවලු මොකද මාමේ අර සද්දෙ කියලා.

ආහ් ඒ පුතේ මගේ ලොකු අයිය නොවැ. උන්දැ ඔය මුහුදු ගිහින් ඇවිත්, කසිප්පු බීගෙන දඟලනවා මස් මාළු මොනවත් හදල නෑ කියල අද දවල්ට කන්න. "

No comments