ක්‍රැස්තෝගේ ගැලවිජ්ජාව



1959 ජනවාරි පලවෙනිදා කියුබාවේ බලය අල්ලපු ෆිදෙල් කැස්ත්‍රෝ ඇමරිකාවට වහ කදුරු වගේ කියලා කවුරුත් දන්නවනේ. එදා පටන් 2016 දි මියයනතෙක්ම ඔහුව ඝාතනය කිරීමට ඇමරිකානු CIA සංවිධානය අවස්ථා 600 කදි විතර උත්සාහ කරල තියෙනවා. මේවා ගැන තොරතුරු ලඟක් වෙනකන්ම රහස් ලිපිගොනු හැටියට තමයි තිබුනේ. මේ ඝාතන උපක්‍රම අතරෙ රසවත් වගේම හාස්‍යජනක අවස්ථාත් කීපයක් තියෙනවා. මේ ඒ වගේ එකක්.
කැස්ත්‍රෝ ගැන දන්න කවුරුත් දන්නවා ඔහුගේ තිබෙන ස්ත්‍රී ලෝලිත්වය. ඔහු ජීවිත කාලය තුල කාන්තාවන් 35000ක් එක්ක විතර යහන්ගත වෙලා තියෙනවා කියලා අතිශයෝක්තියෙන් යුතු පුවතකුත් තියෙනවා. මේ නොසංසිදෙන ස්ත්‍රීලෝලිත්වය කැස්ත්‍රෝ මරා දැමීමට මාර්ගයක් කරගන්න හිතපු CIA සංවිධානය ඔහුගේ පැරණි පෙම්වතියක් වූ Marita Lorenz සොයා යනවා. ඇය මෙම ඝාතන ප්‍රයත්නයට නම්මවාගන්නා CIA ඒජන්තයින් හවානා වෙත ඈ පිටත් කර හැරියේ නැවත කැස්ත්‍රෝ වෙත ලංව ඔහුගේ කෑම වලට වස මුසු කිරීමේ සැලසුමක් විදියට.කැස්ත්‍රෝ තමන්ගෙ පැරණි පෙම්වතිය හමුවී කතා බස් කරන අතරේ ඉතාම සැහැල්ලුවෙන් ඇයගෙන් අහනවා ඔබ පැමිණියේ මාව ඝාතනය කිරීමටද කියලා. මේ ප්‍රශ්ණයෙන් අන්දමන්ද වුනු ඇය කෙලින්ම එය පිලිගන්නවා.

කැස්ත්‍රෝ කාන්තාවන් සමග ගණුදෙනු කිරීමේ කෙතරම් සමර්ථයෙක්ද කියල ඇමරිකානුවොන්ට කිසිම අදහසක් තිබුනේ නෑ.
ඇයට තමන්ගේ උණ්ඩ පිරවු පිස්තෝලය දුන්නු කැස්ත්‍රෝ ඔබට මාව මරන්න බෑ, වෙන කිසිම කෙනෙකුටත් බෑ. කියල කියනවා. ඒ කිව්ව වගේම ඇය ඔහුට වෙඩිතබන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි එදා රෑ කැස්ත්‍රෝ ඇයව යහනට ගෙන්වා ගන්නේ ඇමරිකානුවන් ඇය ක්‍රැස්තෝ මරාදමන තෙක් බලාපොරොත්තුවෙන් ඉදිද්දි. 

ඊට පස්සෙ තවත් රාත්‍රී ගණනාවකදිම ඇය සමග යහන්ගත්වෙන්න කැස්ත්‍රෝට හැකිවුනා.
ඔය ෆොටෝ එකේ ඉන්නෙ ඒදෙන්න තමයි.

2 comments: