ආවඩා ආයුබෝවේවා


 ඕන් ඉතින් ආවඩා ආයුබෝවේවා කියල  අද ගාල්ලේ ගිහිල්ල ෆන් එකේ ඉන්න අපේ බ්ලොග් සෙට් එකට තව ආතල් බොහෝ වේවා කියල ඕන් මම ප්‍රාර්ථනා පාරක් දානවා...

කාලයක් තිස්සේ ඉඳල හිටලා ඔය තනිකඩ හිතට එනවට ලියන කවි ටිකක් ලිය ලිය හිටියට බ්ලොග් එකට හැඩ පාරක් දාලා පොස්ට් එකක් දාන්න ලැබුනෙම නෑ වැඩ අස්සේ ..  දැන් ඉතින් අලුත් ජොබ් එකේ ටිකක් නිදහසත් එක්ක ටිකක් මේ පැත්තෙ කරක් ගහන්න තමයි හිතන් ඉන්නේ ....

මුල්ම පියවර හැටියට නමත් වෙනස් කොලා නෙව. ඇඩ්‍රෙස් එකත් වෙනස් කොරලා අද ඉඳල මමත් ඔය බ්ලොග් ගල් ටිකක් ඉඩ තියෙන හැටියට කපන්න තමයි හිතන් ඉන්නේ ..

අද ඉතින් ඉස්පැශල් දවසක් වෙච්චි කොට මාත් ඉස්පැශල් ව්දියට අදම ඔන්න ලියන්න පටන් ගන්නවා....  




ඔය යන එන ගමන් එහෙනම් මගේ පොස්ට් එකක් බලාගෙනත් යන්නකෝ


"අර ගාලු ගිය සෙට් එක ගැන ආරන්චියක් නෑ නෙව තාම,
දැරිවියො ටික හෝ ගාන පොකුණ දැකලා පැනල දැන් ගොඩට ගන්න බැරුව පොඩි මෑන් එහෙම හෙන ගේමක් දෙනව ඇති "





No comments