අලුත ගෙනා


ඒ දෑස්

නිදිවර්ජිතවම, වියැලුණු ඇඟිලි තුඩු වලත් කස පහර කාගෙනම නිදන කුටියෙන් ආලින්දයටත් ඉක්බිති කුස්සිය කරාත් ඇදුණා.
කිරිකෝඩු සියක් දේ මැදියම පුරා තාලයට රැළි නැගුවා. විටෙක විශාලනය වීමටත් විටෙක වසාගෙනම කළු කුහරයට වදින්නටත් බොහෝ බල කරනු ලැබුවා......


ඒත් ඒ අනෙකා හමුවුන නිමේශය වහා තහවුරු කොට බැඳෙන ගති සියල් පෑවා....

මේ දෑස්

මෙවන් පාතරාසය දුටුවහාම ආගන්තුක ලීලාවෙන් විශ්මයක් පෑමට අණ කෙරුනා. නොවුණු නුපුරුදු සියක් දේ මැදියම පුරා දිග හැරුණා. මේ රැළි බොහෝ පුරුදුකොට ඉස්මුරුත්තාවට පත්වී ඇත්තෙය.

ඒත් ඒ අනෙකා හමුවුන නිමේශය වහා තහවුරු කොට බැඳෙන ගති සියල් පෑවා.....

No comments