ඇ⁣රෙේන්ජ්ඩ් මැ⁣රෙේජ්


ඔෆිස් එකට ඇතුල්වෙද්දීම ඈතින්⁣ බොස් එනවා මට පෙනුනා. මම ගුඩ් මෝනින් කිව්වා. බොස් හිනාවුනේ හරියට කිරි බීලා ඉවර වුන පූසෙක් ඔලුව වනනවා වගේ. ඒක මරු පිලිගැනීමක් නේ !!
 මගේ කැබින් එන ලඟට එනකොටම මේසෙ උඩ ලියුමක් තියෙනවා පෙනුනා. ඒත් එක්කම මල් කළඹකුත්,තව චොකලට් පෙට්ටියකුත්. මම කැමතිම "චොකලට් කිංග්" වර්ගයේ එකක්.  ලියුම එලියට අරන් බැලුවම විශ්වාස කරන්නත් අමාරු වුනා එක පාරම. මට ප්‍රමෝෂන් එකක්. පඩියත් වැඩි කරල. සියයට පණහකින්ම. වටේ පිටේ කවුරුවත්ම දකින්නෙ නැතිවෙයි කියල හිතල කැම්පස් කාලෙදි වගේ සතුට වැඩිකමට නටන පොඩි ඩාන්ස් එකකුත් දැම්මා. ඒත් එක්කම පිටි පස්සෙන් බොස් හිනාවෙන හඬ ඇහුනා.

 "කොන්ග්‍රැජුලේෂන්, යූ ඩිසර්ව් ඉට්. ඕල් ඔෆ් ඉට් " 
 " අද කලින් ගෙදර යන්න, විනෝද වෙන්න, පාටියක් දාන්න ...... බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක 

වා⁣හනේ අරන් ගෙදර යන ගමන් මම මටම හිනාවෙවී ගියේ .. " බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ? " හහා .. !!

ලොකු ලොකු නගර වල ⁣කැරියර් එකේ ඉහලටම යන්න දඟලන කොල්ලො කෙල්ලොන්ගේ දෛවයේ බෝයි ෆෙුන්ඩ්ලා, ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා කොහේද ඉන්නේ ? 
කවුරු එක්ක කියලා බෙදා ගන්නද තමන්ගෙ සතුට ? 

ගම්පලාත අත ඇරලා මෙහෙට ආවට පස්සෙ රස්සාවේ පලවෙනි අවුරුදු දහය නිකන්ම ගෙවිලා ගියා. ජොබ් එකේ මොනව හරි කරලා පෙන්නන්න සිද්ධ වුනා. ඊට පස්සෙ වැඩ වැඩි වුනා ප්‍රමෝෂන් ලැබුනා. ඉතින් ආදරයක්, කොල්ලෙක් ගැන හිතන්න කොහෙද වෙලාවක් ලැබුනේ. විසි ගණන්වල ජීවිතය ඉවර වෙලා තිස් ගණන් ආවා. ඔෆිස් ඇඳුමට ජීන්ස් එක්කම සාරිත් අඳින්න පටන් ගත්තා නොදැනීම. 

ගෙදරටත් ආවා. මගේ සේවිකාව, දැන් මගේ යෙහෙළියකුත් වගේම වෙලා ඉන්න සංගීතා පිඟානක් එක්ක පිහියකුත් අරගෙන මගේ ඉස්සරහා වාඩිවුනා. මම කේක් එක එලියට අරන් කැපුවා. සංගීතා කිසිම හේතුවක් දන්නෙවක් නැතුව අත්පුඩි ගගහා සිංදුවක් කියන්න පටන් ගත්තා. 

"හැපී බර්ත්ඩේ ටූයූ ! 
හැපී බර්ත්ඩේ ටූයූ ! "

මම හිතාගත්තා ප්‍රමෝෂන් එකේ විස්තරේ නොකිය ඉන්න.  චයිනීස් කෑම ටිකක් ඕඩර් කරා,  ඊට පස්සෙ කන ගමන් රෑ වෙනකම් ටීවි එක බැලුවා. සංගීතා මගේ දින චර්යාව හොඳට දන්නවා. රෑ නමය වෙද්දි දොර වහලා ඇතුලට එද්දීම එයා දන්නවා ඊලඟට කරන දේ ..

" අක්කේ .. කම්පිටුටරේ ඔන්  කරන්නද ?

මම හා කිව්වා. ... හහ්.... කම්පුයටරේ ඔන් කරන වෙලාවත් ඇවිත්. ඒ කියන්නෙ මංගල යෝජනා වෙබ් සයිටි එක බලන වෙලාව ඇවිත්. මේ මංගල යෝජනා වෙබ්සයිට් කියන්නෙත් අමුතු ලෝකයක්. හරියට අපි මනමාලයොන්ගෙ සුපර් මාර්කට් එකක ඉන්නවා වගේ තමයි. එක එක රාක්ක වල එක එක මනමාලයො. ලස්සන, ගුණ යහපත් , විනීත මේ ඔක්කොම අපේ ඉස්සරහා ඉන්නවා. හොඳයි කියල හිතුනොත් මල්ලට දාගන්න තමයි තියෙන්නේ. හිතට ඇල්ලුවෙ නැත්නම් තවත් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඒ ඔක්කොම මම වගේම තමයි. අරමුණකට වැඩ කරපු සාර්ථක මිනිස්සු. .... ඒත් .... සම්පූර්ණයෙන්ම හුදකලා මිනිස්සු. හැමදාම දකින මුහුණු⁣ ගොඩක් අතරෙ අපි මෙච්චර තනි වුනේ කොහොමද ? 
අවුරුදු තිහක් තිස්පහක් වෙන මගේ තනිකඩ යාලුවො ඔක්කොම ආදරයක් සොයමින් ඉන්නේ කසාද බඳින්න. ඒත් කාටවත් හිත යන්නෙ නෑ. අවුරුදු හතර පහකට කලින් දිග සුදුසුකම් ලැයිස්තුවක් හිතේ තියාගෙන, මට ඕන මෙහෙම කොල්ලොක් .. මේ ගතිගුණ තියෙන්න ඕන .. ඒ වගේ එකෙක් නම් ඕනම නෑ ... කිය කිය හිටපු අය. ඒත් අද ........? 
 ඕනම කොල්ලෙක්ට කැමති වෙන තැනට වැටිල ඉන්නේ. 
ලොකු නගරෙක තනිවම ඉන්න ගමන් තවත් තනිවුන මිනිස්සු අතරෙදි  හැඟීම් කොහොම යටපත් කරගෙන ඉන්නද ... මනස කොහොම එක තැන් කරගෙන ඉන්නද ... 

මම ආයෙ පාරක් වෙබ් සයිට් එක පීරන ගමන් කොල්ලො ෂෝර්ට් ලිස්ට් කරන්න පටන් ගත්තා. අද ටිකක් කලින් නිදාගන්න ඕන ඉක්මනට මේක ඉවර කරලා. අම්මයි තාත්තයි එනවා හෙට උදේට. සටහන් පොත ගන්න යට තිබුන ලාච්චුව ඇද්දම පරණ ලියුම් මිටියකට අතට ආවා. කොල කීපයක් එහෙ මෙහේ පෙරලුනා. කැම්පස් කාලෙ එක එක ලියුම් තිබුන මේ මිටිය ලාච්චුවෙ නිකන්ම දාල තිබුන එකක්. 
මගේ ආදර මිත්‍රයා නිකිල්, කැම්පස් කාලෙ මගේ හොඳම බඩියා ..  වැලන්ටයින් දවසෙ හදිසියෙම මට ආදරය ප්‍රකාශ කරා. හදිසියෙම ගෙදරට රතුම රතුපාට රෝස මල් පොකුරක් ගෙදරටත් එවලා තිබුනා. මම කවදාවත් නිකිල් ගැන එහෙම හිතල තිබුනෙ නෑ. මම එදාම නිකිල් එක්ක තියෙන සම්බන්ධකම් ඔක්කොම නවත්තල දැම්මා. ඊට පස්සෙත් ආදරවන්තයො නම් කොච්චර පස්සෙන් ආවද .. !
ඒ කාලෙ හිතුවෙ, ආදරවන්තයො නම් ඕන තරම් හම්බවෙන්නෙ නැතෑ. ජීවන සහකරුවෙක් හම්බවෙයිනේ කවදහරි. දැන් අධ්‍යාපනය තමයි වැදගත් කියලා. ඒත් ඒ ඔක්කොම නැතිවෙලාම ගියා. 
දැන් කම්පියුටර් එකක් ඉස්සරහා කොල්ලන්ගෙ මුහුණු දිහා බල බල අමාරුවෙන් කොල්ලො  තෝර තෝර ඉන්නවා. මගේ තිබුන ඊගෝ එක , ආඩම්බරය අත ඇරලා තිරය උඩ පේලියට ඉන්න මනමාලයො ටිකක් දිහා බලන් කරන මහා ඉන්ටර්නෙට් ස්වයංවරයකට දැන් මැදිවෙලා. 
ඔව් දැන් මම පිළිගන්නවා. මම තනිකමෙන් ... ගොඩක් උත්සාහ කලා .. ඒත් හරියන කවුරුවත් හම්බවුනේ නෑ මට සහකරුවෙක් කරගන්න පුලුවන් තරමේ. 
මම චොකලට් කේක් එකෙන් කෑල්ලක් අරන් කටේ දාගත්තා. හදිසියෙම ඒකෙ මිහිරි බවත් තිත්ත විදියට දැනෙන්න ගත්තා. මම මෙච්චර තනිවෙලා ඉන්නෙ ඇත්තටම මට හරියන ආදරයක් මේ ලෝකෙ නැතුව ඇතිද ? මට හැමදාම මේ වගේ තනියම ඉන්න වෙයිද ? 
එදා රෑ ගොඩක් වෙලා යනකම් මට නින්ද ගියේ නෑ. 
අම්මලගේ ෆ්ලයිට් එක පැයක් පරක්කු වුනා. මම එතකම් එයාර්පෝට් එකේ වාඩිවෙලා ප්‍රහේලිකා පුරව පුරව හිටියා. ෆෝන් එක නාද වුනා. 
මගේ කෙමිස්ට්‍රි සර්, 
සක්සේනා සර් කියන්න ...
"දුව එනවා නේද සෙනසුරාදා .. කැම්පස් රියුනියන් එක. අපි හැමෝම ආයෙ හම්බෙවෙයි. .. ඉතින් ඉතින් ..මොනවද පවුලෙ විස්තර .. ? හස්බන්ඩ් එහෙම ... "

"සර් සර් ..අම්මලගෙ ෆ්ලයිට් එක එනවා ..මම පස්සෙ කතා කරන්නම්කෝ ..කියල බොරු කලබලයකින් ෆෝන් එක තිව්වා. "

අම්මලා කාලෙකට පස්සෙ ටවුන් එකට ආවේ. හවස් වෙනකන්ම රස්සාව,මගේ කෑම බීම, ඕපාදූප මේ වගේ හැමදෙයක් ගැනම කතා වුනා. ඒත් කාගෙත් හිත්වල හොරාට යටපත් කරගෙන හිටපු වැදගත්ම කාරණේ තාමත් මතු වුනේ නෑ. .. "මගේ කසාදය"

තාත්තම කතාවට මුල පිරුවා. කොල්ලො තුන් දෙනෙක් ඉන්නවලු. මාව බලන්න කැමැත්තෙන්. මේ කතාව මට මීට කලින් හොඳටම අහල පුරුදු දෙයක්. මම මේ වගේ කතාවලට මීට කලිනුත් විරුද්ධ වෙලා තියෙනවා. මම කැමති කෙනෙක්ට මාව බන්දලා තාත්ත සතුටු වෙනවද, නැත්නම් තාත්ත කැමති කෙනෙක් මට බන්දලා තාත්ත සතුටු වෙනවද කියල මට හිතාගන්න බෑ. මමත් දන්නවා මම බඳින්න ඕන, පවුලක් හදාගන්න ඕන, සතුටින් ඉන්න ඕන කියලා .... ඒත් ..... අහුවෙන ඕනම මිනිහෙක් බඳින්න බෑනේ ... ඊට පස්සෙ කතාව නැවතුනා. 
මම ඔෆිස් යන්න පිටත් වුනා. අතර මගදි කාර් එකත් කැඩුනා. අලුත් කාර් එකක් ගන්න හිටියේ. ඒත් තාම ලෝන් එක හරිගියේ නෑ. අවුල්වෙච්ච මූඩ් එකෙන්ම ඔෆිස් එකට ආවා. එනකොට ඉස්සරහ ඉන්නවා බැංකුවෙන් ආපු කෙනෙක්. ෆෝම් වගයකුත් එක්ක.

මැඩම් මෙතන අත්සන් කරන්නකෝ ..මම ඉතුරු ටික බලාගන්නම් ... 
තත්පර දෙක තුනක් මූණ බලන් ඉදපු මිනිහා අහනවා ... මැඩම් බැඳලද ? .. නැද්ද ?

මට හිතුන එකපාරම ෆෝම් ටික අරගෙන මිනිහගෙ මූණට ගහල දාන්න. දැන් මේ මගුල ඇතිවෙලා .. හැම එකාටම ඕන ඒක දැනගන්න.
මම දන්නවා මිනිහ අහන්නෙ රාජකාරිය⁣ට අදාල දෙයක් කියලා. ඒත් මම තරහෙන් කිව්ව ඔය ෆෝම් ටික තියල යන්න මම පස්සෙ ඔෆිස් එකට එවන්නම් කියලා. 
ඊට පස්සෙ ෆෝන් එක නාද වෙන්න ගත්තා. මගේ හොඳම යාලුවා .. කැම්පස් කාලේ ... ප්‍රියා.

"එනව නේද රියූනියන් එකට ? "
මම කිව්ව , "නෑ බන් ..."

"මම දැනගෙන හිටියා එන්නෙ නෑ කියල. කවද වෙනකම් ප්‍රශ්ණ වලින් දුවන්නද ..වරෙනකෝ .."

මම ටිකක් කල්පනා කරල කිව්ව. "උඹේ කතාවත් හරි. එක දවසයි නේ .. ඇවිත් බලමු එහෙනම්. "

එදා හවස ගෙදර යද්දි තාත්ත පත්තරයක් බල බල ඉන්නවා. අම්ම ෆෝන් එකේ කතාවක්. සමහර විට නැන්ද එක්ක වෙන්න ඇති කතාව. මාව දැකපු ගමන්... "ඔන්න ආවා" මම එහෙනම් තියන්නම්. පස්සෙ ගන්නම්" කියල ⁣⁣ෆෝන් එක තිව්ව. ඊට පස්සෙ මට තේත් එක්ක පකෝඩාත් අරන් ආවා. මට හිතුන කට් කරන්න කලින් මොනව හරි රහස් කතාවක් තමයි දෙන්නගෙ තියෙන්න ඇත්තෙ. තාත්ත පත්තරේ බලන ගමන් කියනවා 
"ලව් මැරේජ් වල ඩිවෝස් රේට් එක සියයට හතකින් වැඩිවෙලා. "
ඒ මාතෘකාව ගැන හිතන එක මට දැනටමත් එපා වෙලා. තාත්ත පත්තරේ පැත්තකින් තියල තේ උගුරකුත් බීලා ආයෙත් කතාවක් පටන් ගත්තා. 

"හෙට නිවාඩුවක් ගන්න. අර මනමාලයො තුන් දෙනා හම්බවෙන්න ඕන."  ඒ ලැබුනේ නියෝගයක්.
පොඩි කාලෙ ඉදන්ම එක එක විදියට අණ, නියෝග ලැබෙනවා. 
සයන්ස් කරන්න එපා, ආර්ට් කරන්න... මියුසික් කරන්න, අයියගෙ යාලුවො එක්ක වැඩිය ආශ්‍රයට  යන්න එපා ..
මට තාමත් මතකයි මේ රස්සාව ලැබුනමත් අම්මගෙනුයි තාත්තගෙනුයි අවසර ගන්න  කොච්චර දඟලන්න වුනාද ... "නගරය අත ඇරලා එන්න. ජොබ් කරන්නෙ මොකටද"  .. මොන තරම්  යුද්ධයක් කරලද රස්සාවට ගියේ. දෙමව්පියන්ට නිතරම අමතක වෙනවා මේ රට දුවන්නෙ කාන්තාවන්ගෙන් කියලා. දුවලා ඉන්නෙ අම්මලා වෙන්න, තමන්ගෙ අධ්‍යාපනය, රැකියාව අමතක කරලා පවුලෙ වැඩ කරන්න වෙනවා සහෝදරයන්ගෙ, සැමියගේ සාර්ථකත්වය, දියුණුව වෙනුවෙන්. දෙමව්පියන්ට අමතක වෙනවා දුවලා වෙනුවෙන් ගැලපෙන රැකියා මවන්න දෙවියන්ට අමතක වෙලා කියලා. ඒගොල්ලො දුවලා ගැන විශ්වාසය තියන්න පුරුදු වෙන්න ඕන, රිමෝට් කන්ට්‍රෝල් එකක් තියාගෙන වගේ එයාලගෙ ජීවිතය පාලනය කරන්නෙ නැතුව. ....ඒත් මම පැරදිලා හිටියේ ...සමහරවිට මට තවත් සටන් කරන්න වුවමනාවක් තිබුනෙ නැතුව ඇති. අනිත් එක මම මේ ලෝකෙට ගෙනාව එකේ ඒ ගොල්ලො හිතනවනම් මට කවුරුහරි කොල්ලෙක් එක්ක විනාඩි පහලොවක් කතා කරලා මුලු ජීවිතයම ඔහුත් එක්ක ගෙවන්න තීරණය කරන්න පුලුවන් කියලා එයාලා කියනවනම් සමහරව්ට ඒ ගොල්ලො හොඳට හිතල කියන දෙයක් වෙන්නත් පුලුවන්. ...
මම බොස්ට ඊමේල් එක්ක යැව්ව ඊලඟ දවසෙ එන්න වෙන්නෙ නෑ කියලා. සල්වාර් එකක් ඇඳලා, මොට්ටුවක් එහෙම තියලා මම ඊට පස්සෙ දවසෙ උදෙන්ම මනමාලයා තෝරගැනීමේ අවස්ථාව⁣ට ගියා. තුන්දෙනාම හම්බවුනා. පොඩිකාලෙ ඉඳල හස්බන්ඩ් කියලා හිතේ තිබුනු රූපයට ඒ කවුරුවත් සමාන වුනේ නෑ. කමක් නෑ .. අපිට ජීවිතයේ හිතන දේවල් හා ලැබෙන දේවල් අතර ලොකු වෙනසක් තියෙනවනේ. ඒකනේ දෙවියෝ සිහින, බලාපොරොත්තු, අරමුණු වගේ වචන මවල තියෙන්නේ. 

හවස ගෙදර එද්දි ගොඩක් මහන්සියි. අම්මලා කියපු එක කොල්ලෙක්ට වැඩිය හිතන්නෙවත් නැතුව කැමතියි කිව්වා. මට ඒ කොල්ලගෙ නමවත් හරියට මතක නෑ. ඒත් අඩුම ගානෙ අම්මලගේ ලොකුම ප්‍රශ්ණෙවත් දැන් විසඳෙයිනේ. එයාලගෙ දුවගෙ කසාදය සිද්ධවෙන්නයි යන්නේ.

නගරයේ තිබුන හොටෙල් එකක තමයි රියුනියන් පාර්ටි එක තිබුනේ. කියන්නම ඕන දෙයක් තමයි තමයි අපි දෙන්නම හොඳට හැඩට හිටියා. හෝල් ලංවෙද්දි ඇහෙන සද්දෙත් එක්ක අපිට දැනුනෙ කැම්පස් එකේ පරණ කාලය ආයෙත් ඇවිල්ල වගේ. හැමෝම හිනා වුනා, කතා කරා, බදා ගත්තා, පරණ කාලෙ නම් වලින් එකිනෙකාට කතා කරගත්තා, හැමෝටම තිබුන ප්‍රශ්ණය වුනේ "කොහොමද බියුටි ක්වීන් ... කසාද බැන්දද ? " 

දැන් මොකටද බය වෙන්නේ. දැන් මම ලඟ ඒකට උත්තරයක් තියෙනවා. 
" ආහ් .. කෙරෙයි කෙරෙයි .. ඩේට් ෆික්ස් කරගන්න තමයි තියෙන්නේ" 

වටේ ඉන්න හැමෝම හයියෙන් හිනා වෙද්දි පිටිපස්සෙන් අහල පුරුදු කටහඬක් ඇහුනා. 

"කන්ග්‍රැජුලේෂන්ස්" 

මම හැරිලා බලද්දි ඒ නිකිල්. ඔව් ඒ නිකිල් තමයි. කාලයක් ම⁣ගේ හොඳම යාලුවෙක් වුන ... පස්සෙ වැලන්ටයින් දවසේ මට රෝස මල් එක්ක ආදරය ප්‍රකාශ කරපු නිසා තරහ වුන .... එදයින් පස්සෙ අපි කවදාවත් කතා කරල තිබුනෙ නෑ.
ඔහු කිව්වා .. 
"සොරි .. මම පස්සෙ දැනගත්තෙ ..ඔයාට ගොඩක් තරහ ගියා කියලා .. " ඇත්තටම මට සමාවෙන්න. .. 
ඊට පස්සෙ හිනාවකුත් එක්ක අත දික්කරා .. 

"ෆ්‍රෙන්ඩ්ස් අගේන් ??"

මමත් හිනාවෙන ගමන්ම අත දික්කරා. මමත් කිව්වා .. "යස් ... ෆ්‍රෙන්ඩ්ස් අගේන්" 

ඊට පස්සෙ මුලු හැන්දෑවම අපි මුල්ලකට වෙලා පරණ සිද්ධි මතක් කරන්න පටන් ගත්තා. 
එයාට ඔක්කොම මතකයි. මම කොච්චර බයෙන්ද හොල්මන් චිත්‍රපටි බලන්න ගියේ. ඒ ගිහින් චිත්‍රපටිය ඉවර වෙනකන්ම බයට එයාගෙ අතින් අල්ලන් හිටපු හැටි. ලෙක්චර්ස් කට් කරලා කඩචෝරු කන්න ගිය හැටි. මොකද ඒ කාලෙ ක⁣ඩචෝරු කෑයෙ නැත්නම් මගේ දවස සම්පූර්ණ වුනේ නෑ. පුස්තකාලයේ පිටි පස්සෙ වාඩිවෙලා එයාත් එක්ක සිංදු කිය කිය හිටිය හැටි.....

ඇයි මම අපේ සම්බන්ධතා නැවැත්තුවේ ... !! කොච්චර ආත්මාර්ථකාමී වෙනවද අපි සමහර වෙලාවට .. අපි හොඳටම දන්නවා අපේ අතීතයේ ඒ පුද්ගලයො ජීවත් වෙනවා කියලා. ඒත් අපි සමහර වෙලාවට එයාලව අපේ ජීවිතයෙන් ඈත් කරනවා... 
සමහරවිට මම ඒ තරම් දරුණු විදියට නිකිල් එක්ක තිබුන සම්බන්ධතා නතර නොකෙරුවානම් ...සමහර විට ...කවුද දන්නේ ...

මම සමහරවිට එහෙම හිතලම වෙන්න ඇති නිකිල්ගෙන් මෙහෙම ඇහුවේ.

"කසාද බැන්දද නිකිල් ? "

මොකක් හරි හේතුවකට එයා හිනා වුනා. දිගටම හිනා වුනා. .. ඊ⁣⁣ට පස්සේ ...

ඔව් ඔව් .. ඒත් මම එයා එක්ක ආවෙ නෑ .. දික්කසාදයේ අන්තිම නඩුවාරෙ ගිය මාසෙ තිබුනෙ.

මම ඇහුවා ...කවද වෙනකම් ඉන්නවද ..? 

"හවසට යනවා ..ෆ්‍රී වුනොත් කියන්නකෝ .. හම්බවෙමුකෝ .. මීට පස්සෙ කවදා එයිද දන්නෑ."

රියුනියන් පාටිය ඉවර වුනා. මම නිකිල්ට කිව්ව එයාව හොටෙල් එකෙන් දාන්නම් කියලා. අතරමගදි ගොඩක් දේවල් කතා වුනා. අවුරුදු ගාණකට පස්සෙ ගොඩක් හිනාවුනා. 

"ඔයා දන්නෑ එදා වැලන්ටයින් දවසේ ඔයා කොයි වගේ වැඩක්ද මට කලේ කියලා .."
ඔයා දන්නවද ලවර්ස්ලා මල් හොයන්න කොච්චර මහන්සි වෙනවද කියල ... මම ටවුන් එක පුරා මල් කා⁣රයො දහ පාලොස් දෙනෙක් ලගට ගිහින් මල් ටික තෝරගත්තෙ. ඒත් ඔයා මල් ටික ආයෙ එව්ව. .. දැන් ඉතින් ඒවට ගෙවන්න වෙනවා. හෙට රෑට මාත් එක්ක ඩිනර් එක ගන්න වෙනවා ...අනිද්ද උදේට මාව එයාර්පෝට් එකට ඇරලවන්නත් වෙනවා. "

රැය ගෙවුනෙ ඉතාමත් හෙමින්. මම කල්පනා කර කර හිටියා. මගේ හොඳම යාලුවා ගොඩක් කාලකෙන් පස්සෙ හම්බවුනා. එයාම කාලයක් මගේ හොඳ සහකරුවෙක් වගේත් හිටියා. ඒත් මම ඒක බිඳල දැම්මා. මගේ හිතේ එකපාරම නිකිල් වෙනුවෙන් ආදරයක් ඇතිවුනා නෙවෙයි. ඒත් ...එයාත් එක්ක ගත කරපු කාලය ගොඩක්ම සතුටින් ගත වුනා. එදා වගේම ... අදත්

තාත්තා කාමරයට ආවා.  "ඉරිදට කොල්ලගෙ දෙමව්පියො හම්බවෙන්න ලේස්ති වෙන්න."

මගේ් ජීවිතය මගේ අතින් ගිලිහෙමින් තිබුනා. විවාහයෙදි  කියනවා ඒක දෛවය,ඉරණම කියලා ..

පහු⁣වදා හවස මගේ අලුත් කාර් එක ලැබුනා. රතුම රතුපාටයි. මම අලුත් කාර් එකෙන් මුලින්ම නිකිල් හම්බවෙන්න හොටෙල් එකට ගියා.
මේ මට නිකිල් හම්බවෙන අන්තිම අවස්ථාවද ?
වා⁣හනේ ට්‍රැෆික් ලයිට් වල නැවතුනා. මට මොනව හිතුනද මන්දා .. කෙලින් යන්න ඕන එක මම වමට හැරෙව්වා ..

"ඔයා දන්නවද ලවර්ස්ලා මල් හොයන්න කොච්චර මහන්සි වෙනවද කියල ..."

 මම ටවුන් එක පුරා මල් කා⁣රයො දහ පාලොස් දෙනෙක් ලගට ගිහින් රෝස මල් ටිකක් තෝර ගෙන නිකිල්ගේ හෝටලට ලඟට ආවා. 

නිකිල් මාව දැකල පුදුමයෙන් බලන් හිටියා.

මම කියන්න පටන් ගත්තා .....

නිකිල් .. මම මේ දවස්වල ගෙවන්නෙ ජීවිතයේ අමාරුම කාලයක්. කාලයක් ඔයා මගේ හොඳම යාලුවා වෙලා හිටියා. අද මට හොඳටම තේරුනා ඔයා තමයි මගේ හොඳම යාලුව කියල. ඒක නිසා හැමදාමත් වගේ මගේ අමාරුකම් මම ඔයා ලඟට අරගෙන ආවා. මොකද ඔයා හැරුනම වෙන කවුරුවත් මට නෑ. 

" ඔයාට මාව ඇරේන්ජ්ඩ් මැරේජ් කරගන්න පුලුවන්ද ? "

"මම අම්මලට තේරුම් කරලා දෙන්නම්" "ඔයාට ආදරය කරන්නේ නෑ,  ඒත් මට හිතෙනවා අනිත් ලස්සන ඇරේන්ජ්ඩ් මැරේජ් වගේම මටත් පස්සෙ කාලෙක ඔයාට ආදරය හිතෙයි."

" ඔයාට මාව ඇරේන්ජ්ඩ් මැරේජ් කරගන්න පුලුවන්ද ? "

නිකිල් දොර ලගින් ඈත්  වෙලා පස්සට ගිහින් ටික වෙලාවක් මම දිහා බලන් හිටියා. ඊට පස්සෙ කිව්වා.....

"අයැම් සොරි, එහෙම කරන්න බෑ ...මොකද ..
මොකද ...මම එදා ඉදන් අද වෙනකන්ම ඔයාට ආදරය කරනවා ...හදවතින්ම ...
ලව් මැරේජ් එකක් නොවන කිසිම දේකට මට එකඟ වෙන්න බෑ .....

- නිලේෂ් මිශ්රා ගේ ගුවන්විදුලි නිර්මාණයක්

No comments